මැදපෙරදිග ගෘහ සේවයට පිටත්ව යන ශ්‍රී ලංකා කාන්තාවන්ට සිදුවන නොයෙකුත් හිරිහැර, හිංසා පිළිබදව පුවත් සුලභයි. මැදපෙරදිග ගෘහ සේවයට ගොස් ශරීරයේ යකඩ ඇණ සහිතව මෙරටට පැමිණි කාන්තාවන්, ශරීරයේ අවයව නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණි කාන්තාවන් පිළිබදව සංවේදී පුවත් ඕනෑ තරම්.
නමුත් එයට හාත්පසින්ම වෙනස් ඉරණමකට මුහුන දුන් මැදපෙරදිග ගෘහ සේවයට ගිය ශ්‍රී ලංකා කාන්තාවක් පිළිබදව වාර්තා වෙනවා. ඩුබායි දේශයේ ගෘහ සේවය සිදු කළ ශ්‍රී ලාංකික කාන්තාවකට ඇය සේවය කළ නිවසේ සාමාජිකයන් සිදු කළ අපූරූ කෘතගුණ දැක්වීමක් පිළිබදව සටහනක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියෙන් නෙත් ගොසිප් අපට හමුවුනා.
එම සටහන පහතින්
“මේ මගේ ලොකු නැන්දා ගේ කතාව. අපි දන්න කාලේ ඉදන් නැන්දා රැකියාව කලේ ඩුබායි රටේ , අවුරුදු 32 ක් වගේ කාලයක්
හැබැයි ඒ අවු32 කම එකම ගෙදරක තමයි වැඩ කලේ
ඒ පවුලට පුදුම ලෙන්ගතුකමක් තිබුනේ
නැන්දා අවිවාහකයි.
ඒ නිසා කාලයත් එක්ක ම නැන්දා ඒ ඩුබායි පවුලේ දරැවන් ට තමන්ගේ දරැවන්ට වගේ සලකන්න පෙලඹුනා
ඒ ලමයි ටිකත් මෙයාට පුදුම ආදරයක් දැක්වුවේ
ඒ පවුලේ ලමයි කිහිප දෙනෙක් මගේ මිතුරන් බවට පත්වුනා
ඔවුන් සැමවිටම පැවසුවේ
ශාන්ති/ මගේ නැන්දා වුව ද
ඔවුන්ගේ අම්මා වන බවය.
ඒ බැදීම හරිම පුදුම සහගත එකක්
කොහොමහරි මීට අවු 7-8 කට කලින් නැන්දා අසනීප වුනා
ලෙඩේ පාකින්සන්
තාමත් බෙහෙත් හොයාගෙන නෑ.
අපි හිතුවේ නැන්ද ට රැකියාව කරගන්න බැරි නිසා ලංකාවට එවයි කියලා
හැබැයි වුනේ ඒකෙ අනිත් පැත්ත
නැන්දාව දිගටම එහෙ තියාගෙන බෙහෙත් කරන්න පටන් ගත්තා
එයාගේ වැඩ කරන්න තව
සේවිකාවකුත් ගත්තා
ලක්ෂ ගනන් වියදම් කලා
නමුත් සුවයක් නෑ
පස්සේ අපේ තාත්තා බලෙන්ම වගේ නැන්දව ලංකාවට එක්කන් ආවේ සිංහල බෙහෙත් කරන්නයි
එදා ඉදන් නැන්දා සදහට ම අපෙන් සමුගත්තු මොහොත දක්වා ම නැන්දාගේ බෙහෙත් වලට වියදම් කලේ අර ඩුබායි පවුලේ උදවිය
අපිට කිසිම වියදමක් ඒ වෙනුවෙන් දරන්න වුනේ ම නෑ
ඒ කාලය ඇතුලත දෙවතාවක්ම ඔවුන් ඒරටේ ඔවුන්ගේ ආගමික උත්සව සදහා ඔවුන්ගේ වියදමින් ඇයව ඩුබායි එක්කන් යනවා
ඒ සෑම විටකම ඇය ගමන් කරන්නෙ business class එකේ
මොකද ඔවුන් ඇයගේ සුව පහසුව ඉතා ඉහලින් සලකපු නිසා
ඒ කොහොම වුනත් කාලයත් එක්ක නැන්දා ඉතා දරුණු විදියට අසනීප වුනා
අන්තිමේ දි මෙ ජුනි මාසේ 11 වෙනිදා නැන්දා සදහටම අපෙන් වෙන් වුනා
12 වෙනිදා උදේ 6-7 අර ඩුබායි පවුලේ ලමයි හය දෙනෙක් ලංකාවට ඇවත්
මල ගෙදර ඉකි ගහ ගහ අඩපු විදිය හරිම සංවේදියි.
අවසාන කටයුතු කරද්දි මිණිය ට කරගැහැව්වෙත් ඒ අයමයි
අන්තිම මොහොතේ කනත්තේ බිම වැටීගෙන අඩපු විදිය බලන් ඉන්න බැරි තරම් සංවේදි දර්ශනයක් වුනා
අරාබි කරයේ ගිහින් අපා දුක් විදපු අය ගැන අහලා තිබ්බත් මේ වගේ කතාවක් නම් කවුරැත් අහලා නැතුව ඇති
කනත්තේ ඉදන් කෙලින්ම ආයෙත් අපේ ගෙදර ආපු ඔවුන් කෙලින්ම ගියේ නැන්දාගේ කාමරයට
අල්මාරියෙන් නැන්දා ගේ ඇදුම් කිහිපයක් සිහිවටන ලෙස ගත්තු
ඒ ඩුබායි පවුලේ දරැවෝ කිහිප දෙනා හැඩු කදුලින් යන්න ගියා.
“අපේ අම්මා ව බලාගත්තාට ස්තුතියි”
ඔවුන් එසේ කීවෙ මගේ අම්මා ඇතුලුව ශාන්තිගෙ කටයුතු කරමින් ඇයට උපස්ඨාන කල සියලු දෙනාට ය.”
උපුටා ගැනීම : අමිල චින්තක