ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට ශ්‍රි ලංකාව නියෝජනය කරමින්
වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන ලබන සැප්තැම්බර් මස මැද භාගයේ දී සහභාගී වීමට නියමිතයි.
ඇය නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව පුහුණුව ලබමින් සිටිනවා. මේ වනවිට ඇය මියුසික් වීඩියෝ කිහිපයකට දායකවී තිබෙනවා.
අනාගතයේ වෛද්‍ය පරිපාලන ක්ෂෙත්‍රයට සම්බන්ධවීමට අදහස් කරමින් සිටින ඇය ඇය බ්‍රයන් කර්කොවන් නමැති විලාසිතා සැලසුම් ශිල්පියා යටතේ පුහුුණුව ලබමින් StarNow Modeling නමැති ඒජන්සිය හරහා මෙම තරගයට ඇය අයදුම් කර තිබෙනවා.
පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 97 කට මෙම තරගයට සහභාගී වීමට වරම් ලබාඇති බවයි වාර්තා වන්නේ. තමන්ට ලැබුණු මෙම අවස්ථාව රටට ගෞරවයක් අත්කරදීමට අවස්ථාවක් බවද ඇය පවසනවා.


