ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානයයෙන් ‘බුර්කාවට සහ ඉස්ලාමීය බැංකු සංකල්පයට’ විරෝධය

ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානයයෙන් ‘බුර්කාවට සහ ඉස්ලාමීය බැංකු සංකල්පයට’ විරෝධය
Spread the love

බුර්කාව සහ ඉස්ලාමීය බැංකු සංකල්පය ශ‍්‍රී ලංකාවට කිසිසේත් අවශ්‍ය නොවන බව ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානය පවසනවා. එහි සිංහල දේශක තව්සීෆ් අහමඞ් පෙන්වා දෙන්නේ හලාල් සංකල්පයද මේ වනවිට වාණිජමය පරමාර්ථයෙන් ක‍්‍රියාත්මක වන බවයි.

ඒ බව සඳහන් කෙරුණේ ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානයේ සාමාජිකයන් පිරිසක් ඊයේ (13) පස්වරුවේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් මුණගැසුණු අවස්ථාවේදීයි. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මෙම හමුව සිදු විය. 

මාවනැල්ල ඇතුලූ ප‍්‍රදේශ කිහිපයකදී ඉකුත් දිනවල බුද්ධ ප‍්‍රතිමාවලට ප‍්‍රහාර එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම අවස්ථාවේදී ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානයේ සිංහල දේශක තව්සීෆ් අහමඞ් ප‍්‍රකාශ කලේ තම සංවිධානය එම ක‍්‍රියාව තරයේ හෙලාදකින බවයි. කිසියම් ආගමික ස්ථානයකට පහර දෙන්නෙකු ඉස්ලාමීය ආගමෙන් නෙරාපා හැරිය යුතු බවයි ඔහු එහිදී අවධාරණය කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් ප‍්‍රකාශ කලේ ඒ පිළිබඳ ජනතාව දනුවත් කල යුතු බවයි. ඊට සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය, ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානය සහ සිලෝන් තව්හීජ් ජමාත් සංවිධානය එකම වේදිකාවකට පැමිණිය යුතු අතර ඊට තමන් වහන්සේගේ පූර්ණ සහයද ලබාදෙන බව පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් මෙහිදී අවධාරණය කරන ලදී.