ෂාරුක් කෑම කන්නේ කෑම අවශ්‍ය නිසා මිස කෑමට ඇති ආසාව නිසා නොවෙයි. ඔබ ඔහුට දිවා ආහාරය ගැන මතක් නොකරන්නේ නම් ඒ ගැන කිිසිදු හැගීමකින් තොරව ඔහු සතුටින් වැඩ කරනවා. ඔහු තම රැකියාවට ඒ තරම් ආදරෙයි. ඔහුට ඉන් එහා ලෝකයක් නැති ගානයි.

‘ෂාරුක් – ජුහී වව්ලා‘ කියන්නේ බොලිවුඩයේ යුගයක් ආලෝකමත් කළ ආදර අන්දරයක්. බොලිවුඩ් රසිකයින්ගේ අසීමිත ආදරය දිනාගත් පෙම්වතුන් යුවළක්.
ෂාරුක් ජුහි චව්ලා සමඟ චිත්‍රපට කිහිපයකම රගපා ඇති අතර ඒවා රසිකයින්ගේ අසීමිත ආදරය දිනා ගත්තා.
මේ අතර ජුහී පසුගිය දා ෆිල්ම් ෆෙයාර් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී තම මිතුරාගේ ආහාර රහස් රැසක් මාධ්‍ය හමුවේ හෙළි කළා. මොහොතකින් මේ රහස මුළු බොලිවුඩයම දැන ගත්තා. දැන් එය ලංකාවේ ඔබත් දැන ගන්න සූදානම් වෙනවා. බලන්න ජුහී හෙළි කළ ඒ රස රහස කුමක් ද කියලා.

“ෂාරුක් ඛාන් දිල්ලියේ සිට බොලිවුඩයට පැමිණි විට ඔහුට මුම්බායි දැන් වාගේ සුපිරි නිවසක් තිබුණේ නැහැ. ඔහු කර්මාන්තය තුළ ස්ථාවර වෙන තෙක් අසීරු ජීවිතයක් ගත කළා. ලාභ ආහාර තමයි ඔහු ගෙන තිබුණේ. ඒත් පුරුදු විහිදට අනෙක් අයත් එක්ක එකම පිගානේ. ඔහු කි චයි ki chai (කිරි සහ හකුරු මුසුකළ පානයකි) පවා සකස්කර ගත්තා.
ඔහු සෑම කෙනෙකු සමඟම ඇසුරු කළා. ඔහු හරිම සරලයි. ඔහුගේ ළමා වියේ සිටම පැවැති ආදර සම්බන්ධය මත ගෞරි සමග විවාහයෙන් පසු ඔහු නිවසින් ආහාර ලබා ගැනීමට පටන් ගත්තා. ඔහු වඩාත් කැමති චිකන් ටික්කා (chicken tikka) සහ සුඛි සි රොටි (sukhi si roti) වලටයි.
ෂාරුක් කෑම කන්නේ කෑම අවශ්‍ය නිසා මිස කෑමට ඇති ආසාව නිසා නොවෙයි. ඔබ ඔහුට දිවා ආහාරය ගැන මතක් නොකරන්නේ නම් ඒ ගැන කිිසිදු හැගීමකින් තොරව ඔහු සතුටින් වැඩ කරනවා. ඔහු තම රැකියාවට ඒ තරම් ආදරෙයි. ඔහුට ඉන් එහා ලෝකයක් නැති ගානයි. මට නම් එය මිත්‍යාදෘෂ්ටියක් වාගේ. මට විශ්වාසයි ඔහු අදත් එහෙමයි කියලා.
සරල, සෞඛ්‍ය සම්පන්න ආහාර තමයි ඔහු කැමති දේ. ඔහු කෑම ගැන කරදර කරන්නේ නැහැ. එය ප්‍රශංසනීය ගුණාංගයක් ”

ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සැකසුම – තුෂාධවි