බාලවයස්කාර දැරියක් රැගෙන ගොස් ඇයගේ පියාගෙන් කප්පම් ඉල්ලූ තරුණයෙක් පිළිබද පුවතක් වාර්තා වෙනවා. ඒ මීගමුව ප්‍රදේශයෙන්.
සිදුවීම වාර්තා වන අන්දමට 15 හැවිරිදි මෙම දැරිය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ එකම දියණියයි. ඇය විසිපස් හැවිරිදි ක්‍රීඩා උපදේශකයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබේ.
විමර්ශන වලින් අනාවරණය වූ කරුණු අනුව පැහැර ගැනීමට ලක්‌වූ බාලවයස්‌කාර පෙම්වතිය මීගමුව මහවීදිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඇය දෙමාපියන්ට රහසේ සැකකරු සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර කලින් සැලසුම් කළ පරිදි මෙම සිසුවිය සහ තරුණයා 28දා දහවල් මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලකට ගොස් නැවතී ඇත. එහි සිට සිසුවියගේ දුරකථනයෙන් ඇගේ මවට ඇමතුමක් ලබාගෙන තමා පැහැරගෙනගොස් ඇති බවත් නිදහස් කිරීමට නම් කෝටියක කප්පම් මුදලක් ඉල්ලන බවත් දැනුම්දී ඇත. මේ අනුව මවුපියන් මේ පිළිබඳව මීගමුව මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.
ඉන් අනතුරුව සැකකාර පෙම්වතා පෙම්වතියගේ ජංගම දුරකථනයෙන් ඇගේ පියා අමතා දියණිය නිදහස් කිරීමට නම් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා ඇත. එහෙත් එම තැත ව්‍යර්ථ වූ අවස්‌ථාවේ එම කප්පම් මුදල රුපියල් ලක්‌ෂ 10 දක්‌වා අඩුකර ඇත.
පසුව කෝටියක කප්පම් මුදල දසලක්ෂය දක්වා අඩු කිරීමට කප්පම්කරු එකඟ වී ඇති බවත් ඇය මවට පවසා ඇත. එහෙත් එම ඉල්ලීමටද පියාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් සැකකරු සිය පෙම්වතිය කටාන බටපත්තල ප්‍රදේශයට කැඳවාගෙන විත් ඇය එහි අතරමං කර දමා පලාගොස් ඇත. පසුව පෙම්වතිය එම මාර්ගයේ ගමන් ගත් ලොරියක ආධාරයෙන් මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‌ෂක හමුවට පැමිණ භාරවී ඇත.
කෙසේ වෙතත් තරුණිය පොලීසියට පවසා තිබුනේ උදෑසන 10ට පමණ පැමිණි කාන්තාවක් ඇතුළු හතර දෙනෙක් නිවෙසක ලිපිනයක් විමසූ බවත් ඒ ගැන කීමට නිවෙසින් පිටතට පැමිණි තමන්ට යම් දියරයක් මුහුණට අල්ලා සිහි නැති කර වෑන් රථයක දමාගෙන පලා ගිය බවත් ය. නමුත් විමර්ෂණ වලින් සිදුවීම අනාවරණය කර ගැනීමට පොලිස් නිළධාරීන් සමත්ව තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වූයේ මීගමුව කාමච්චෝඩය හි පදිංචි ජිෆ්‍රී මොහොමඩ් අශ්රොෆ් නමැත්තෙකි.