සනී ලියොන්ගේ බිකිනිය බොලිවුඩ් රසිකයින් අතර වසංගතයක් වෙලා !

සනී ලියොන්ගේ බිකිනිය බොලිවුඩ් රසිකයින් අතර වසංගතයක් වෙලා !
Spread the love

කොවිඩ් වසංගත කාලයේදී පවුලෙන් ඈත්ව සිටි බොහෝ අය මෙන් සුපිරි බොලිවුඩ් නිළි සනී ලියොන්ද තම සැමියා වන සැමියා වන ඩැනියෙල් වෙබර් සහ දරුවන් තිදෙනා වන නිෂා, නෝවා සහ ආශර් සමග ලොස් ඇන්ජලීස් බලා පිටත් වුවාය.  

සනීගේ සහ ඩැනියෙල්ගේ පවුලේ ඥාතීන් ලොස් ඇන්ජලීස් නුවර වාසය කරන අතර ඉන්දියවේ මුම්බායි නුවරට වඩා ලොස් ඇන්ජලීස් හි වාසය කිරීම වඩාත් සුරක්ෂිත වනු ඇතැයි සනී කල්පනා කළා විය හැකිය.

බොලිවුඩයෙන් ලොස් ඇන්ජලීස් වෙත සංක්‍රමණය වුවත් සනී තම රසිකයින් සමග සම්බන්ධ වීම කිසිසේත් අතපසු නොකළාය. ඇය නිරන්තරයෙන් තම ඡායාරූප සහ උණුසුම් පුවත් සමාජ මාධ්‍යවල යාවත්කාලීන කළ අතර බොලිවුඩ් රසිකයින්, විශේෂයෙන්ම සනීගේ රසිකයින් අතර ඒවා වසංගතයක් සේ ව්‍යාප්ත වූවේය.

සනී පියවරුන්ගේ දිනයේ දී වීඩියෝ පටයක් සමාජමාධ්‍ය වෙත මුදා හැරි අතර ඇගේ දරුවන් පියවරුන්ගේ දිනය දා තම පියා වෙනුවෙන් අපූරු රංගනයක් ඉදිරිපත් කරන අයුරු එහි දැක් වුණේය.


මේ අතර සනී විසින් සමාජමාධ්‍ය වෙත මුදා හැරි තවත් සුවිශේෂ ඡායාරූපයක් බොලිවුඩ් රසිකයින් අතර වසංගතයක් සේ හුවමාරු වුණේය. ඒ ඇය සිය සමීප මිතුරිය සමඟ කළු පිහිනුම් ඇඳුම් කට්ටලයකින් සැරසී සිටින සරාගි ඡායාරූපයකි.

සනී එම ඡායාරූපය සදහා ශීර්ෂ පාඨයක් ලෙස සඳහන් කළේ, “මගේ සමීපතම මිතුරා සමඟ @ nuria.contreras අප සියල්ලන්ම හමුවීම ගැන ස්තූතියි! පිහිනීමට යාමට ලැබීම සතුටක් !! ඔබට ආදරෙයි!”

සනීගේ මෙම උණුසුම් ඡායාරූපය මේ වන විට මිලියන ගණනක් වන බොලිවුඩ් රසිකයින් අතර හුවමාරු වෙමින් පවතින අතර ඔවුන් ඇගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් යළි ඉන්දියාව වෙත පැමිණෙන ලෙසයි.

ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි