සමාජ ජාලා මාධ්‍ය ගැන ඔබාමාගෙන් අනතුරු හැඟවීමක්….

සමාජ ජාලා මාධ්‍ය ගැන ඔබාමාගෙන් අනතුරු හැඟවීමක්….
Spread the love

පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපතිධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ” වගකීම් විරහිත ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම අනතුරුදායක බවත් එමගින් වැරැදි තොරතුරු ජනතාව අතරට යන බවත් සංකීර්ණ කරුණු කාරණා තේරුම් ගැනීමට ජනාතවට තිබෙන හැකියාව දුර්වල වී යන බවත්”  ප්‍රකාශ කර තිබේ. බී.බී.සී පුවත් සේවය සමඟ මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ පස්වැනියට කිරුළට උරුමකම් කියන හැරි කුමරුය. 
 

 “ඇතැම් කරුණු සම්බන්ධයෙන් ජනතාවට වෙනස්ම දෙයක් අවබෝධ වීමේ හැකියාව අන්තර්ජාලයේ තිබෙන බියකරුම දෙයක්. අන්තර්ජාලයේදී එකිනෙකාට තිබෙන පක්ෂපාතීත්වය අනුව තොරතුරු නිර්මාණය විය හැකි” යැයි ඔබාමා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇති අතර ඇමරිකාවේ වත්මන් ජනාධිපති ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය හැසුරුවීම ගැනද ට්‍රම්ප් යන නම නොපවසා ඉඟියෙන් දක්වා ඇත.