සයිටමයට එරෙහි සිසු විරෝධතා මේ 21 සිට නැවතත්

සයිටමයට එරෙහි සිසු විරෝධතා මේ 21  සිට නැවතත්
Spread the love

පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින වනවිට සයිටම් ආයතනය අහෝසි කරන බවට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සිදුකළ මාරාන්තික උපවාසය මුල්කර ගනිමින් ආණ්ඩුව ලබාදුන් පොරොන්දුව දිගින් දිගටම කඩවීම නිසා වෛද්‍ය ශිෂ්‍යයන් මේ මස 21 වන දින සිට විරෝධතා ක්‍රියාමාර්ගවල නිතරවීමට සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා ලබාදුන් පොරොන්දු වහාම ඉටුකරන ලෙසට වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.

සයිටම් ආයතනය අහෝසි කරන බවට පොරොන්දු ලබාදුන් දිනය පසු වී දින 50කට අධික කාලයක් මේ වනවිට ගත වී තිබුණත් මෙතෙක් එම පොරොන්දුව ඉටුකර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.