සවස 06න් පසු රිසි සේ ගණිකා සැප ලබන්න මත්කුඩු උරන්න ඔබ යා යුතු කොළඹ තැන් ටික මෙන්න…

සවස 06න් පසු රිසි සේ ගණිකා සැප ලබන්න මත්කුඩු උරන්න ඔබ යා යුතු කොළඹ තැන් ටික මෙන්න…
Spread the love

සවස හයෙන් පසු අගනුවර ගණිකාවන්, කුඩුලෝලීන් සහ අපරාධකරුවන් වැඩිපුර ගැවසෙන බවට තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.

මරදාන දුම්රියපල අසල, මෝදර, කෙසෙල්වත්ත, වැල්ලම්පිටිය, බොරැල්ල, ගල්කිස්‌ස, බම්බලපිටිය යන පළාත් වල මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම ගණිකාවන් ගැවසෙන බවද මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණ අනුව හෙළිකරගෙන ඇති බවයි අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයේ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂක විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සිරිසේන හේරත්  ප්‍රකාශ කරන්නේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් තුන්දහසක්‌ පමණ පුනරුත්ථාපනය කිරීමේදී මෙම තොරතුරු හෙළිකරගෙන ඇති අතර එම තොරතුරුවලට  අනුව ගම්බද පළාත් වලින් රැකියා සඳහා අගනුවරට පැමිණෙන තරුණියන් විශාල පිරිසක්‌ මත්ද්‍රව්‍ය භාවිතයට පොළඹවා ගණිකා වෘත්තියේ යොදවාගෙන ඇති බව  අනාවරණය කරගෙන තිබෙනවා.

මෙලෙස පුනරුත්ථාපනය ලබන පිරිස අතර රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික  අංශවල සේවය කරන උසස් නිළධාරීන්ද සිටින බව සඳහන්. එසේම පාසල් වියේ දරුවන් පවා මත්ද්‍රව්‍ය අලෙවියට සම්බන්ධවී සිටින අතර රුපියල් 600 ක මත්කුඩු පැකට්‌ එක රුපියල් 800 ක්‌ වැනි මුදලකට විකුණා විශාල ලෙස ලාභ ලැබීමට ඔවුන් පුරුදු වී සිටින බවද සඳහන් වෙනවා.