සහෝදරයින් දෙදෙනාට දඬුවම් කරන්න එපා…. සං‌‌වේදී ලිපියක් ලියා යුද හමුදා සෙබලෙකු අවසන් ගමන් යයි!

සහෝදරයින් දෙදෙනාට දඬුවම් කරන්න එපා…. සං‌‌වේදී  ලිපියක් ලියා යුද හමුදා සෙබලෙකු අවසන් ගමන් යයි!
Spread the love

යාපනය අරාලි ප්‍රදේශයේ පිහිටි 17 වන ගැමුණු හේවා බළකා කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබලෙකු ඊයේ (28දා) රාත්‍රියේ සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි ව කයිට්ස් පොලීසිය පවසයි.

මෙම යුද හමුදා නිලධාරියා සිය මුර සේවයේ යෙදී අවසන් වූ අවස්ථාවේදී ගසක් මුලට ගොස් විනාඩි 15 කට පමණ පසුව යුද හමුදා සෙබළාගේම ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියිදිවි හානි කොට ගෙන ඇති බව කයිට්ස් පොලීසිය පවසයි.

මෙසේ සිය දිවි හානි කොට ගෙන ඇත්තේ 24 හැවිරිදි ජේ.එස්.ආර්. උදයකුමාර් වන අතර ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචිවූවෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

කයිට්ස් පොලිස්  නිලධාරීන් විසින් මිය ගිය යුද හමුදා සෙබලා පරික්ෂා කිරීමේදී සෙබලාගේ නිලඇඳුමේ සාක්කුවක ලිපියක් තිබූ අතර එහි ලියා ඇත්තේ ඔහු සමග රාජකාර සිදු කළ සෙබලුන් දෙදෙනාට දඩුවම් නොකරන ලෙසත් ඔවුන් කිසිවෙක් මෙයට සම්බන්ධ නොමැති බවත්ය.