සැප්තැම්බර් 01 සිට හැඳුනුම්පත් අයැදුම්පතටත් ගාස්තුවක්

සැප්තැම්බර් 01 සිට හැඳුනුම්පත් අයැදුම්පතටත් ගාස්තුවක්
Spread the love

ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ ගාස්තු සැප්තැම්බර් මස 01 වැනිදා සිට ඉහළ දැමීමට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඊට අදාළව පසුගිය 7 වැනිදා විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති අතර ඒ අනුව පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී ඊට අදාළ අයැදුම්පත සමඟ රුපියල් 100ක් ගෙවිය යුතු වෙයි.

එමෙන්ම ජාතික හැඳුනුම්පතක අනු පිටපතක් ලබා ගැනීමේදී රුපියල් 500ක්ද වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම්පත් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී රුපියල් 100ක්ද එවැනි නව ජාතික හැඳුනුම්පතක අනුපිටපතක් වෙනුවෙන් රුපියල් 250ක්ද  අය කෙරේ.