සිඟිති පුතුට මත් පැන් පොවන පියා සොයා ජාතික ළමාරක්ෂක අධිකාරිය රට පුරා මෙහෙයුම්

සිඟිති පුතුට මත් පැන් පොවන පියා සොයා ජාතික ළමාරක්ෂක අධිකාරිය රට පුරා මෙහෙයුම්
Spread the love

පසුගිය දිනවල විද්‍යුත් මාධ්‍ය සහ සමාජ ජාල මගින් ප්‍රචරය වූ වැඩිහිටියකු විසින් බාල වයස්කාර දරුවකුට මත්පැන් පොවනු ලබන වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය මූලික විමර්ශනයක් ආරම්භ කර ඇත.

පියා විසින් තම දරුවාට මත්පැන් පොවන්නේ යැයි අනුමාන කළ හැකි දර්ශන අඩංගු මෙම වීඩියෝව තවත් පාර්ශවයක් විසින් ෆේස්බුක් සමාජ ජාලයට නිකුත් කරනු ලදුව පසුව එය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් ප්‍රචාරය වෙමින් තිබේ.

මෙම සිදුවීම තම අධිකාරියට වාර්තා වීමෙන් පසුව ඊට අදාළ පුද්ගලයා සොයා මෙම විමර්ශනය ආරම්භ කළ බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියයි.