ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් අද (17) දින කොළඹ සිට පිටත්ව යන සියලුම ශ්‍රීලංකන් ගුවන් මගීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයක් නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.
ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් (DGCA) විසින් අද නිකුත් කළ නියෝගයට අනුව, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන සියලුම මගීන් COVID-19 PCR පරීක්ෂණ වාර්තාවක් සිදු කර තිබීම අනිවාර්ය කර තිබේ.
ඒ අනුව සිය පිටත්වීමේ වේලාවෙන් පැය 72ක් ඇතුළත එම පරීක්ෂණයට මුහුණ දී සිටිය යුතු බව අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට දැනුම් දීමට ශ්‍රීලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වේ. මෙම නිවේදනය 2020 ඔක්තෝබර් මස18 දින සිට ක්‍රියාත්මක වේ.
වැඩිවිස්තර ගුවන් මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිත ඇමතීමෙන් හෝ +94117771979 අංකයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලබාගත හැක. එසේත් නොමැතිනම් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වෙබ් අඩවිය වන www.srilankan.com වෙත පිවිසෙන්න .
ඔබේ ආරක්ෂාව සහ යහපත් සෞඛ්‍ය අපගේ ඉහළම ප්‍රමුඛතාවයයි. අපි ඉක්මනින්ම ඔබ සමඟ සංචාරය කිරීමට බලාපොරොත්තු වෙමු.


