මිනී මැරුම් ඇතුළු විවිධ හේතූන් යටතේ අධිකරණවලින් වැරැදිකරුවන් බවට පත්වී දඬුවම් ලැබූ චීවරධාරීන් 15 දෙනකු මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය ඇතුළුව බන්ධනාගාර කිහිපයක සිරගත කර තිබෙන බවත්, එකී සියලු දෙනා සෙසු සැකකරුවන් මෙන් බන්ධනාගාර සිර ඇඳුම (ජම්පරය) ඇඳ සිටින බවත්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.
මෙම පිරිස අතර මාස 06 සිට වසර 6-7 දක්වා වූ කාල පරාසයක සිර දඬුවම් ලැබූවන් සිටින බවද, වැලිකඩ බන්ධනාගාරයේ පමණක් එසේ දඬුවම් ලැබූ චීවරධාරීන් 08 දෙනකු සිටින බවද ඒ මහතා පැවැසීය.
මෙම සිරගත පිරිසට අමතරව විවිධ හේතූන් මත සැකපිට අත්අඩංගුවට ගත් චීවරධාරීන් 10ක් වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක රඳවා ඇති බවත් ඒ මහතා පැවැසීය.
මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේ සිරගත කර සිටින පූජ්‍ය හෝ පූජක පක්ෂයේ කිසිදු සිරකරුවකුට විශේෂත්වයක් දක්වා නොමැති බවත්, ඔවුන් සෙසු සිරකරුවන් මෙන්ම බන්ධනාගාර නීති රීතිවලට යටත්ව කටයුතු කරන බවත්ය.
