සිසුන්ගෙන් පහර කෑ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මරුට

සිසුන්ගෙන් පහර කෑ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මරුට
Spread the love

අමානුෂික මැර ප්‍රහාරයකට ලක් වූ  හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා කොළඹ ජාතික රෝහලේ දි අද (23) අලුයම මිය ගියේය.

මොහොමඩ් රිස්වි මොහොමඩ් ෆයිසුල් නමැති එම සිසුවා ඉගෙනීමට ඉතා දක්ෂ බවත් පසුගිය දිනක එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස තේරී පතු වූ බව මව්පියෝ පවසති.

ඉකුත් දිනක දේවමෙහෙයකට සහභාගී වී ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක් ඇති අතර පහර දීම සම්බන්ධයෙන් කිසිවකුටත් නොපවසන ලෙස ද තර්ජනය කර ඇත. පහර කෑමෙන් පසු හදිසියේ අසාධ්‍ය වූ එම සිසුවා හලාවත රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත. මෙම පහරදීම සම්බන්ධයෙන් එම පාසලේ සිසුන් සිවු දෙනකු අත්අඩංගුවට පත් අතර එක් සිසුවකු රිමාන්ඩ් ගත කළ අතර අනෙක් සිසුන් තිදෙනා ඇප මත මුදා හැරණි. මහේස්ත්‍රාත් විභාගය අද (23) පැවැත්වීමට නියමිතය.