අධිකරණ ක්ෂේත‍්‍රය දැඩිව විවේචනය කරමින් නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු ඉකුත්දා කළ ප‍්‍රකාශය සත්‍ය ගවේෂකයෝ සංවිධානය දැඩිව හෙළා දකින අතර මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් අදාළ ආයතන වෙත කරුණු වාර්තා කරන බව එහි කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී දොලේවත්ත පැවසුවේය.
ඇතැම් විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් මෙන්ම නීතිඥවරුන් ද දූෂිත ක‍්‍රියාවල නිරත වන බව නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කර ඇති අතර පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ද ඇතැම් අවස්ථාවලදී දුෂිත ලෙස කටයුතු කරන බවයි ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කරඇත.
මෙම ප‍්‍රකාශය හුදෙක් දේශපාලන උවමනාවක් මත සිදු කළ එකක් බවට ද නීතිඥ ප්‍රේමනාත් සී දොලේවත්ත චෝදනා කලහ.
නීතිඥ සුගන්ධිකා ප‍්‍රනාන්දු සිදු කර ඇති මෙම ප‍්‍රකාශයෙන් මෙරට අධිකරණය පිළිබඳ ඇති ජනතා විශ්වාසය ද හෑල්ලූවට ලක්වන බවයි ප‍්‍රකාශ කෙරුණේය.

