පසුගිය දිනවල රට පුරාම පතාල ක්‍රීයාකාරකම් පිළිබදව වාර්තා විය. මේ සදහා නායකත්වය ලබා දෙන පතාල නායකයන් කිහිප දෙනෙකුගේ නම්ද ඒ සමග කියවිනි.
මේ අතර පාතාල නායකයන් වන මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ මිනිමැරුම් සදහා යොදාගන්නා ප්‍රධාන වෙඩික්කරු පොලීසිය විසින් හඳුනා ගෙන ඇතැයි ජේයෂ්ඨ පොලිස් නිලධාරියෙක් මාධ්‍යයට පවසනවා. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ මනුෂ්‍ය ඝාතනයන් කිහිපයකටම මෙම පතාල සමාජිකයා සම්බන්ධ බවද සදහන්.
අතුරුගිරිය කේන්ද්‍රකර ගත් පාතාලයේ සාමාජිකයකු බව කියන එම වෙඩික්කරු සොයා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබේ.
ඉකුත් මාර්තු 19 වැනි දින අතුරුගිරියේ, ගල්වරුසාව පාරේදී නිමල්සිරි පෙරේරා නොහොත් සුදු මල්ලි නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, මාර්තු 26 වැනි දින මාලබේ, ජෝතිපාල මාවතේ පිහිටි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් රනිල් ආටිගල මහතාගේ නිවෙසට වෙඩි තැබීමද ඇතුළු වෙඩි තැබීම් රැසක් මෙම තැනැත්තා විසින් කරන ලද බවද පොලිස් පරීක්‍ෂණවලදී හෙළිව ඇත.
ඉකුත් 05 වැනි දින සහ 07 වැනි දින ස්ථාන කිහිපයකින් මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ ගෝලයන් අටදෙනකු සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ මෙම වෙඩික්කරු පිළිබදව තොරතුරු හෙළිදරව් වූ බවද පොලිසිය සඳහන් කරයි.
මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අට දෙනාගෙන් සතර දෙනකු රැඳවුම් නියෝග මත සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප්‍රශ්න කරන බවද පොලිසිය පවසයි.

