“සුපර් බ්ලූ බ්ලඩ් මූන් ” හෙට චන්ද්‍රගහණය හරිම වෙලාවේ පියවි ඇසින් බලාගන්නේ මෙහෙමයි .!

“සුපර් බ්ලූ බ්ලඩ් මූන් ” හෙට චන්ද්‍රගහණය හරිම වෙලාවේ පියවි ඇසින් බලාගන්නේ මෙහෙමයි .!
Spread the love

නවම්පුර පසළොස්වක පොහොය යෙදෙන්නේ හෙට (31) දිනටයි. හෙට දිනයේ සිදුවන විරල චන්ද්‍රග්‍රහණයක් පිළිබද වාර්තා වෙනවා. පුර පසළොස්වක පොහොය දින චන්ද්‍රග්‍රහණයක් සිදුවීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකේ. එම නිසා පොහොය දින සිදුවන මෙම විරල චන්ද්‍රග්‍රහණයක් සමඟ පායන සඳ, සුවිශේෂිතා කිහිපයක් හේතුවෙන් සුපර් බ්ලූ බ්ලඩ් මූන් ලෙස නම්කර ඇතැයි ආතර්. සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් ගන්නා චන්ද්‍රයා ඇතැම් කාලවලදී පෘථිවියට ආසන්නව ගමන් කරන අතර ඇතැම් කාලවලදී පෘථිවියට තරමක් දුරින් ගමන් කරයි. හෙට (31දා) දිනයේදී චන්ද්‍රයා පෘථිවියට ඉතා ආසන්නව ගමන් කරන අතර පෘථිවියත් චන්ද්‍රයාත් අතර දුර අඩුම අවස්ථාව නිසා දිස්වන සඳ සුපර් මූන් ලෙස හැඳින්වේ.

එසේම හෙටට යෙදෙන නවම් පුර පසළොස්වක පොහොය එකම මසක දෙවැනි පසළොස්වක පොහොය වේ. එකම මසක දෙවැනි පසළොස්වක දින දිස්වන චන්ද්‍රයා නිල් සඳ ලෙස හැඳින්වේ. මේ චන්ද්‍රග්‍රහණයේදී චන්ද්‍රයාගේ අඳුරු වන කොටස (සෙවණැල්ල) පෘථිවියට වැටෙද්දී රතු පැහැයක් ගන්නා අතර එය “රුහිරු සඳ” ලෙස හඳුන්වයි. මේ සුවිශේෂීතා හේතුවෙන් එම සඳ සුපර් බ්ලූ බ්ලඩ් මූන් ලෙස හඳුන්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ හෙට (31දා) චන්ද්‍රයාගෙන් නිකුත් වන ආලෝකය වෙනත් පසළොස්වක දිනවලට සාපේක්ෂව 14%කින් පමණ දීප්තියෙන් වැඩි බවයි.හෙටට (31දා) යෙදෙන විරල චන්ද්‍රග්‍රහණය මෙරට නැඟෙනහිර ක්ෂිතිජයට ආසන්නව දැකගත හැකි බවත් ප.ව. 6.21 සිට රාත්‍රි 7.37 දක්වා පියවි ඇසින් දැකගත හැකි මේ චන්ද්‍රග්‍රහණයේ උච්චතම අවස්ථාව ප.ව. 6.59ට දිස්වන බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසනවා.