සුපිරි බොලිවුඩ් තරුව ‘කයාරා අද්වානිගේ ‘අලුත්ම ලෙහෙන්ගා විලාසිතා එකුතුව මෙන්න !

සුපිරි බොලිවුඩ් තරුව ‘කයාරා අද්වානිගේ ‘අලුත්ම ලෙහෙන්ගා විලාසිතා එකුතුව මෙන්න !
Spread the love

ඇය සතු වඩාත්ම ප්‍රියජනක මුහුණ සහ සිග් වසඟ කරන සුන්දර සිනහව නිසා ක්ෂණිකව ඔබ ඇයට කැමති වනු ඇත. කයාරා අද්වානි Kiara Advani යනු බොලිවුඩ් පෙම්වතියකි. ඇය ඉතා වේගවත් ආරම්භයක් ලබා ඇත.

Lust stories, Kabir Singh, Good Newwz, Guiltyයන චිත්‍රපටවල ඇයගේ රංගනය තුළින් ඇයගේ දක්ෂතාවය සනාථ විය. 

කයාරාට විලාසිතා පිළිබදව ද නිරවුල් අවබෝධයක් ඇත. එනිසාම ඇය අනුකරණය කිරීම ඉන්දීය යෞවනියන්ගේ සිහිනයක් වී ඇත.  එය දෛනික ගමන් බිමන් වල සිට මංගල්‍ය අවස්ථා, උත්සව පමණක් නොව විනෝද සවාරි සදහා ද එකසේ අදාළ බව කාගෙත් පිළිගැනීමයි.

කයාරා නිතර නිතර සැරසී සිටින ඉන්දීය අනන්‍යතාව විදහා දක්වන ස්වදේශීය විලාසිතා (ලෙහෙන්ගා, සාරි වැනි) ගැන බොලිවුඩයේ පමණක් නොව සමස්ත ඉන්දියාවේ ද ඇත්තේ දැඩි අවධානයකි.

පසුගිය ජූලි 31 වැනිදා කයාරා තමාගේ 28 වැනි උපන්දිනය ද සැමරුවාය. මේ සුන්දර… ප්‍රීතිමත් සහ මිත්‍රශීලී යෞවනියගේ උපන් දිනය වෙනුවෙන් අපට ලබාදිය හැකි අගනාම ත්‍යාගය වන්නේ ඇයගේ මිලියන සංඛ්‍යාත අනුගාමිකාවන්ට ද අනුගමනය කිරීම සදහා කරායා සැරසුණු හොදම ethnic wear ඔබ වෙත තිළිණ කිරීමයි.

ඉන්දීය යෞවනියන්ගේ සිහින වන මෙම විලාසිතා ලංකාවේ ඔබටත් කොපමණ සුන්දර දැයි දැන් සොයා බලන්න…

කයාරා අද්වානි
කයාරා අද්වානි
කයාරා අද්වානි
කයාරා අද්වානි
කයාරා අද්වානි
කයාරා අද්වානි
කයාරා අද්වානි
කයාරා අද්වානි
කයාරා අද්වානි
කයාරා අද්වානි
කයාරා අද්වානි
කයාරා අද්වානි
කයාරා අද්වානි
කයාරා අද්වානි
කයාරා අද්වානි
කයාරා අද්වානි

Filmfare ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි