සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් රගපෑ චිත්‍රපට අතර ‘කොක්ටේල් – Cocktail සුවිශේෂ චිත්‍රපටයක්. හෝමි අඩාජානියා Homi Adajania විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ සයිෆ් අලි ඛාන් සහ ඩයනා පෙන්ටි රඟපෑවේ ආදරය හා මිත්‍රත්වය පිළිබඳ විකෘති කතාවකි. විශිෂ්ඨ සංගීතය, හාස්‍යජනක දර්ශන සහ ආකර්ෂණීය නර්තන කොක්ටේල් වර්ණවත් කළ නමුත් ඒ සෑම දෙයකටම වඩා කැපී පෙනෙන දෙය වූයේ දීපිකා පදුකෝන්ගේ සුපිරි විලාසිතා එකතුවයි.
කොක්ටේල්හි දීපිකා රගපෑවේ ‘වෙරෝනිකා‘ නම් සෙල්ලක්කාර පොහොසත් තරුණියකගේ චරිතයකි. මෙම පෙහෛාසත් සෙල්ලක්කාර තරුණියගේ විලාසිතා කොක්ටේල් සමග බොලිවුඩ් රැල්ලක් නිර්මාණය කළ අතර ඒවා අද ද බොලිවුඩයේ සුපිරි විලාසිතා වශයෙන් සැලකේ.
ඉතිං, දීපිකා – වෙරෝනිකා හැඩකළ ඒ සුපිරි විලාසිතා එකතුව ඔබට දැන් යළිත් රසවිදිය හැකියි. බලන්න ඒවා කොතරම් සුන්දරද කියා….










Filmfare – සකස් කළේ – තුෂාධවි