කුජ කියන්නේ තමන්ගේ ආත්ම ශක්තිය හැකියාව නියෝජනය කරන ග්‍රහයායිග කුජගේ අධිපතිත්වය යටතේ ආක්‍රමණල ව්‍යාපාර ආරම්භ කිරීම්ල එමෙන්ම පොළව සම්බන්ධ කටයුතුවල ශුභ ක්‍රියා ඇරභීම දැකගන්න පුළුවන්. කුජ දේවියගේ ප්‍රත්‍යදී දෙවියා වන්නේ කතරගම හෙවත් ස්කන්ද කුමාර කුජගේ ගතිගුණ සහ කතරගම දෙවියන්ගේ ගති ගුණ බොහෝ තැන්වලදී සමපාත වනවා.
කතරගම දෙවියන් යුද්ධයට අධිපති වන අතර කුජ සේනාධිපතිත්වය සංකේතවත් කරනවා. කුජ අපගේ රුධිර සංසරණ ගමනටද ප්‍රධානත්වයක් (රවි සහ සදු සමග) දරනවා.
කුජ සිය උච්ච රාශියට ගමන් කිරීම මැයි 2 වැනිදා සිදු වුනා. කුජ මාරුව සමග බොහෝ දෙනෙකුගේ ජීවිතවලට යහපත් ආකාරයෙන් කටයුතු සිදුවනවා ඇති. මන්ද කුජ යනු උත්සාහවන්ත ග්‍රහයෙක්. ඕනෑම අපහසු කටයුත්තක් කිරීමේ හැකියාව කුජට ලැබී තිබෙනවා. කුජ මකර රාශියෙන් කුම්භ රාශියට ගමන් කිරීම නොවැම්බර් 6 වනදා සිදුවන අතර ජූනි 28 සිට අගෝස්තු 28 දක්වා කාලය තුළදී කුජ වක්‍රවී ගමන් කරනවා.
මෙම කුජගේ වක්‍ර කාලය තුළදී රටෙහි බොහෝ ගැටළු මතුවනවා. උද්ගෝෂණ මෙන්ම ගිනි හෝ රසායන ද්‍රව්‍ය නිසා සිදුවන අනතුරු සහ ගංවතුර තත්වයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම හමුදාව සම්බන්ධව තීන්දු තීරණ ගැනීම් වෙනස්වීමේ හැකියාව පවතිනවා.
එමෙන්ම මේ වනවිට මකර රාශිගතව කේතු ග්‍රහයාද තැන්පත්ව තිබෙනවා. මෙම කේතු- කුජ සංයෝජනය ඔබට කෙසේ බලපායිද යන්න විමසා බැලිය යුතු වනවා.
මේෂ ලග්නය
මෙම කාලයේදී ඔබගේ රැකියාව සම්බන්ධ කටයුතු හරහා කාර්ය බහුල වන බව පෙන්නුම් කරනවා. එමෙන්ම මෙම කාලයේදී තමන්ට නායකත්වයන් හිමිවන අතර ඔබට ඔබගේ විෂය පථයේ තවත් පැතිවල දැනුම ලබාගැනීමට වාසනාව ලැබෙනවා. මෙම කාලයේදී ඔබට ඔබගේ දැනුම අලුත් කරගැනීමට නොයෙකුත් සම්මන්ත්‍රණ, පුහුණු සැසි ආදියට සහබාගිවීමට සිදුවනවා. එමෙන්ම ඇතැම් අවස්ථාවන් වලදී තමන්ට බාධා සිදුකළ පුද්ගලයන් සමග සෘජු කතා බහ ඇතිකරගෙන ගැටළු සූක්ෂමව විසදා ගැනීමට පුළුවන්.
වෘෂභ ලග්නය
තමන්ගේ සබඳතා වල වර්ධනයක් ඇතිකර ගැනීමේ හැකියාව පවතින කාලයක්. ඔබ ඔබගේ සහකරුවා සමග විවෘතව කතා කිරීමට පෙළඹිය යුතු වනවා. ඔවුනොවුන් අතර යහපත් සන්නිවේදනයක් ගොඩනගාගැනීමට මෙම කාලය යොදා ගතයුතුයි. ඒ වගේම තමන්ගේ රැකියාව සම්බන්ධව ඇතිවන ගැටළු වලදී මනසට වැඩි පීඩනයක් නොගෙන කටයුතු කිරීමෙන් අනවශ්‍ය ගැටලුවලට නොපැටලී සිටීමට හැකි වනවා. මෙම කාලයේදී පැරණි විෂයන් ඉගෙන ගන්නා අයට මෙන්ම ව්‍යාපාර සම්බන්ධව උසස් අධ්‍යාපන කටයුතු සිදු කරනා අයට වාසි සහගත කාලයක් වනවා.
මිථුන ලග්නය
මිථුන ලග්න හිමියන්ගේ කටයුතු විශාල ලෙස වෙනස්වන කාලයක් වනවා. ඔබ මෙම වෙනසට හුරුවිය යුතු වනවා. එසේ නොමැති වුවහොත් විශාල ගැටලුවලට ලක්වන බව පෙන්නුම් කරනවා. මෙම කාලයේදී තමන්ගේ පැරණි චර්යා වෙනස්කර කටයුතු කිරීම අනිවාර්‍ය කාරණාවක් වනවා. විශේෂයෙන් තමන්ගේ ආදායම් මාර්ගය පිළිබද වැඩි අවධානයක් මෙන්ම එහි පවතින ඇතැම් ගැඹුරු දැනුම කැපවීමෙන් ලබාගත යුතුවනවා. ඔබ නිරතවන වෘත්තිය කුමක් වුවත් නව දැනුම සමග විනයානුකුල කාල සටහනක් පැවතීම හරහා ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට පුළුවන්. අධ්‍යාත්මික මාර්ගයට පිවිසි ඇති පුද්ගලයන්ට නව ගවේෂණාත්මක මාර්ගයන් පහළ වනවා.
කටක ලග්නය
තමන්ගේ සබදතා වලට වැඩි අවධානයක් යොමුකළ යුතු කාලයක් වනවා. මෙම කාලයේදී විවාහ අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙනෙකුට ආදරය ප්‍රකාශ කිරීම මෙන්ම ආදර සබදතා වල ස්ථිරත්වයකට පැමිණීම සිදු වනවා. නමුත් තමන්ගේ සබදතා වල යම් කුකුසක් පවතින බවද දැනෙන කරුණක් වනවා. මේ නිසා තමන්ගේ සබදතා සම්බන්ධව කලපනාවෙන් කටයුතු කළ යුතු වනවා. ඔබට මෙම කාලයේදී තමන්ගේ පැරණි ආදරවන්තයින් හමුවීමද සිදුවනු ඇති. ඒ වගේම විවාහයේ ගැටළු පවතින පිරිස් මෙම කාලය තුලදී තමන්ගේ කෝපය පාලනය කරගැනීම අනිවාර්යය කරුණක් වනවා. එසේ නොවුනහොත් තමන්ට හිත් රිදවීම ඇතිවීම සිදුවනවා.
සිංහ ලග්නය
සමාජ සේවා කටයුතුවලට වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් වනවා. අන් අයට ගෞරව කර උදව් උපකාර කිරීමට පෙලඹිය යුතු වනවා. මෙම කාලයේදී අනවශ්‍ය පරිදි පුද්ගලයන් සමග වාද වලට නොයා යුතුයි. ඒ වගේම ඔබගේ අවංක ප්‍රකාශ හරහා පුද්ගලයන්ගේ සිත් රිදීමට ඉඩ ඇති බැවින් කතා බහ කිරීමේදී කල්පනාවෙන් කටයුතු කළ යුතු වනවා. විශේෂයෙන් තමන්ට එරෙහිව නැගී සිටින්නන්ට විරුද්ධවිමේ හැකියාව පැවතුණද ඒ හරහා තවත් විශාල ගැටළු ප්‍රමාණයක් මතුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කිරීම තමන්ගේ මානසික සෞඛ්‍යයට යහපතක්.
කන්‍යා ලග්නය
වේගවත් වාහන ධාවනයෙන් වැළකී සිටිය යුතු කාලයක් වනවා. වාහන ආශ්‍රිත ගැටළු වරින්වර මතුවීමේ හැකියාව පවතිනවා. එමෙන්ම මෙම කාලයේදී තමන්ගේ වැඩිහිටියන්ගේ සහ ගුරුවරුන්ගේ අවවාද සහ අනුශාසනා අනුව කටයුතු කිරීම තමන්ගේ දියුණුවට වඩාත් රුකුලක් වනවා. ඔබට මෙම කාලයේදී අධ්‍යාත්මික කටයුතු හරහා ඉහළට යාමේ හැකියාවක්ද මතුවනවා. මේ නිසා තම කටයුතු සැලසුමක් මත කරගෙන යාමෙන් බොහෝ ජයග්‍රහණ අත්කර ගැනීමට වාසනාව ලැබෙනවා.
තුලා ලග්නය
අරමුණක් වෙනුවෙන් වැඩකිරීමේ හැකියාව ලැබෙනා කාලයක් වනවා. ඔබ මෙතෙක්කල් උත්සාහය මත පවත්වාගෙන ගිය යමක් මෙම කාලයේදී සැලසුමකට අනුව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා. නිවාස සම්බන්ධ කටයුතු උත්සාහය හරහා ආරම්භ කිරීමට පෙළඹෙනවා. එමෙන්ම අධ්‍යාපන කටයුතුවල නිරතවන පිරිසගේ දැනුම වර්ධනය කරගත හැකි කාලයක් වනවා. තමන්ට අවශ්‍ය දැනුම ලඟාකර ගැනීමට අවකාශයන් නිර්මාණය වනවා. නමුත් මෙම කාලයේදී සෙම් රෝග මෙන්ම පපුව සහ පෙනහළු ආශ්‍රිත රෝගවලින් ප්‍රවේශම් විය යුතු වනවා. ඔබගේ අරමුණ වෙනුවෙන් ක්‍රියාකරගෙන යාමේදී තමන්ගේ සමීපතමයන් පවා පීඩාවට ලක්විය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.
වෘශ්චික ලග්නය
තමන්ගේ සහෝදරයන් සමග කටයුතු කිරීමේදී ඉතාමත්ම කල්පනාවෙන් කටයුතු කළ යුතු වනවා. මෙම කාලයේදී මනසට විශාල පීඩනයක් අැතිවනු ඇති. විශේෂයෙන් තමන්ගේ සමීපතමයන්ගෙන් එන පීඩනය හරහා මනස පීඩාවීම නිරතුරුව සිදු වනවා. නමුත් ඔබ කිසිවක් පිළිබද කලබලයට පත්විය යුතු නැහැ. කල්පනාවෙන් කටයුතු කළ යුතු වනවා. මෙම කාලයේදී අධ්‍යාත්මික කටයුතු හරහා විශාල දියුණුවක් කරා ගමන්කිරීමේ හැකියාව පෙන්නුම් කරනවා. ඔබට ගැටළුවක් පැමිණිවිට කලබලයට පත්නොවී එම ගැටලුවට පිළිතුර ධර්ම මාර්ගයකින් හෝ නිහඩ පිළිවෙතකින් ලබා දීම අනිවාර්ය කරුණක් වනවා.
ධනු ලග්නය
තමන්ගේ කටයුතු නව දිශානතියකට ගෙනයාමේ හැකියාව පවතින කාලයක්. ඔබට නව කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමේ හැකියාව පවතිනවා. මෙම කාලයේදී ඔබගේ වැඩිහිටියන්ගෙන් දැනුම ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙම කාලයේදී ගාථා හෝ මන්ත්‍ර හරහා තමන්ගේ අධ්‍යාත්මික ශක්තිය දියුණු කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබේ ආත්ම ශක්තිය වර්ධනය වන කාලයක්. ඔබ හමුදාව සම්බන්ධ කටයුතුවල හෝ නීතිය සම්බන්ධ කුමන කටයුත්තක රාජකාරී කරනවානම් මෙම කාලයේදී ආත්ම ශක්තිය වර්ධනය වීම හරහා ඔබට නව මාවත් විවරවනු ඇත. බොහෝ දෙනා ඔබගේ කාර්යයන් අගය කරන කාලයක් බවට පත්වනවා. නමුත් පවුලේ කටයුතු වලදී ඉවසීමෙන් කටයුතු කළ යුතු වනවා. ක්ෂණික කෝපය හරහා ගැටළු වර්ධනය වීමේ හැකියාව බහුල වනවා.
මකර ලග්නය
තමන්ගේ කටයුතු පිළිබද නැවත වරක් සොයා බැලීමට අවශ්‍ය කරන වටාපිටාව ඔබට ලැබෙනවා. මේ නිසා ඔබට ඔබ ගැනම යම් තක්සේරුවකට පැමිණිය හැකි වනවා. ඔබගේ පැරණි ක්‍රියාපිළිවෙත් වෙනස්කර නව ක්‍රියාපිළිවෙත් හරහා දියුණුවක් ලබා ගැනීමට ඔබට හැකි වනවා. දක්ෂතා ඔප්නංවා ගැනීමට හැකියාව ඇති කාලයක් බවට පත් වනවා. මෙම කාලයේදී ඔබගේ මවට රුධිරය සම්බන්ධ ගැටළු වර්ධනය විය හැකියාව පවතිනවා. ඒ වගේම තමන්ගේ සෘජු තීරණ නිසා සමීපතමයන්ට ගැටළු මතුවිය හැකියි.
කුම්භ ලග්නය
මෙම කාලයේදී හදිසි අනතුරු පිළිබද කල්පනාවෙන් කටයුතු කළ යුතුවනවා. විශේෂයෙන් තමන්ගේ රුධිරය ආශ්‍රිත රෝගී තත්වයන් මතුවිය හැකි කාලයක් වනවා. විදේශගතව සිටින පුද්ගලයන්ට මෙම කාලයේදී තමන්ගේ අරමුණු වෙනුවෙන් කැපවී වැඩකිරීමේ හැකියාව ලැබෙනවා. අධ්‍යාත්මික කටයුතුවලට වඩාත් උනන්දුවකින් කටයුතු කළ යුතු කාලයක් වනවා. විශේෂයෙන් ආනාපානසති භාවනාව හෝ ප්‍රාණයාම භාවනාව කිරීම හරහා තමන්ට එන ගැටළු අවමකරගත හැකි වනවා.
මීන ලග්නය
මෙම කාලයේදී තමන්ගේ අරමුණු වෙන් වෙන් වශයෙන් හදුනාගත යුතු කාලයක් වනවා. තමන්ගේ කටයුතුවල වඩාත් යහපත් කාලයක් වනවා. විශේෂයෙන් තමන්ගේ ධනය සම්බන්ධ කටයුතු වලදී වඩාත් මධ්‍යස්ථව කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. මෙම කාලයේදී නව ව්‍යාපාර හෝ අදායම් මාර්ග පිළිබද සැලසුම් සකස් කිරීමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම තමන්ගේ වැඩිහිටියන් සමග සබදතා වර්ධනය වන කාලයක්ද වනවා.
කසුන් සමරකෝන්
ජෝතිශ්‍යවේදී සහ හස්තරේඛා විශේෂඥ

