පුදුකුඩුඉරිප්පු ශිව නගර් ප්‍රදේශයේ පදිංචි රාසයියා සිවරාසන් හා තම්බයියා තවේන්ද්‍රන් යන පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ වානිජ හා ජීව විද්‍යා විශයන් ඉගෙනුම ලබන සිසුන් දෙදෙනා 2019 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇත.
පෙරේදා(24) පස්වරුවේ තවත් සිසුන් 5දෙනෙකු සමග මොවුන් කල්අඩි ඔයේ දියනෑමට ගොස් ඇති අතර ඔය මැදට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය මෙම සිසුන් දෙදෙනා දියේ ගිලී ඇති අතර ඉන් පැයකට පමණ පසු ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වැලි ගොඩ දැමූ වලක සිරවී තිබියදී ඔවුන්ගේ මෘත දේහ සොයාගෙන ඇත.