හඳුනා නොගත් රෝගයක් යැයි පැවසෙන තත්ත්වයක් හේතුවෙන් කල්පිටියේ ළූණූ ගොවීන් පීඩාවට පත්ව ඇති අයුරු ඉකුත් 12 වැනිදා අද දෙරණ රටට අනාවරණය කළේය.
එම අනාවරණයෙන් පසු මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ නිළධාරින් කල්පිටිය දළුව ප්‍රදේශයට පෙරේදා (14) පැමිණ ළූණූ වගාවන් නිරික්ෂණය කළේය.
එහිදි මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහඉලුප්පල්ලම කෘෂී පර්යේෂණ නිළධාරින් සඳහන් කළේ අදාල පරික්ෂණ සිදු කර අවසන් වන තෙක් ළූණු වලට සිදුවී ඇත්තේ කුමක්දැයි නිශ්චිතව සඳහන් කළ නොහැකි බවයි.
පසුගිය දෙසැම්බර් මාසයේදී කල්පිටිය ප්‍රෙද්ශයේ ළූණු වගාව ආශ්‍රිතව ඩිස්කෝ නම් දිලීර රෝගය වැළදීම හේතුවෙන් අක්කර 2000 කට වැඩි වගාවක් විනාශයට පත් විය.
එම විනාශයෙන් පසු කල්පිටිය ගොවීන්ට දැන් මුහුණ දීමට සිදුව ඇත්තේ මේ වනවිටත් හදුනා නොගත් බව කියන රෝගයක් සිය ළූණු වගා බිම් ආක්‍රමණය කිරිමත් සමඟයි.
ළූණු ගසේ කොළ පිළිස්සී යාම එහි රෝග ලක්ෂනය වන අතර එමගින් ගසේ වර්ධනය සම්පුර්ණයෙන්ම අඩාල වන බව අද දෙරණ පසුගියදා රටට අනාවරණය කළේය.
එම අනාවරණයෙන් පසු ළූණූ ගසේ කොළ පිලිස්සී ගිය වගා බිම් නිරික්ෂණය කිරිම සදහා මහඉලුප්පල්ලම කේෂත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආයතනයේ නිළධාරින් කල්පිටිය අර්ධද්විපය වෙත ඊයේ පැමිණීයේය.
එහිදි අදාල භූමිවල පස් සාම්පල හා ජල සාම්පල පරික්ෂණ සඳහා රැගෙන යාමට පියවර ගැනුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.