සේවයෙන් ඉවත් වන විට අර්ථසාධකයෙන් ගානක් රජයට කපාගන්නවා කියන එක බොරුවක්

සේවයෙන් ඉවත් වන විට අර්ථසාධකයෙන් ගානක් රජයට කපාගන්නවා කියන එක බොරුවක්
Spread the love

පෞද්ගලික අංශයේ සේවකයන් සේවයෙන් ඉවත්වීමෙන් පසු ඔහුට හිමි සේවක අර්ථ සාධක අරමුදල ලබාගැනීමට යාමේදී රජය විසින්  14% ක්‌ අයකරගෙන ඉතිරිය ලබාදෙන බවට ඇතැමුන් කරන ප්‍රකාශවල  කිසිදු සත්‍යතාවයක්‌ නොමැති බව කම්කරු කොමසාරිස්‌ ජනරාල් ඒ. විමලවීර මහතා පවසයි.

සේවයෙන් ඉවත්වන කිසිදු සේවකයකු අර්ථ සාධක අරමුදල් ලබාගැනීමේදී රජය මෙතෙක්‌ කිසිදු ප්‍රතිශතයක්‌ අයකර නොගත් බවත් සේවක අර්ථ සාධක අරමුදල ආයෝජනය කර තිබෙන මුදලින්  10% ක්‌ කාලයක සිට මහබැංකුව අයකරගනිමින් සිටින බවත් එම  10% ක මුදල  14% දක්‌වා වැඩිකිරීමට යෝජනා වී ඇතත් එය මේ වනතෙක්‌ ක්‍රියාත්මකව නැති බවත් ඒ මහතා කියා සිටි අතර නව පනත සම්මත වනතෙක්‌ ස්‌ථිරවම කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බව වැඩිදුරටත් කියා සිටියේය.