සේවාලාභියෙකුගෙන් පැමිණිල්ලක් – ගෝඨාගෙන් හදිසි මෙහෙයුමක්

Spread the love

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක් වෙයි.

සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිවරයා  අද (23) පස්වරුවේ  කාර්යාලය වෙත ගියේය.

රාජකාරි අවශ්‍යතාවක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බව පැමිණිලිකාරිය සඳහන් කරයි.

කාර්යාලය අධීක්ෂණය කළ ජනාධිපතිවරයාට ප්‍රමාණවත් සේවක පිරිසක් එහි සිටින බව නිරීක්ෂණය විය.

සේවා ලබා ගැනීමට පැමිණි අබාධිත පුද්ගලයෙකු දැඩි අපහසුතාවට පත්වී සිටි අයුරු දුටු ජනාධිපතිවරයා ඔහුගේ අවශ්‍යතාව සහ තොරතුරු විමසීය.

මහජන අවශ්‍යතා කාර්යක්ෂමව හා නොපිරිහෙලා ඉටු කිරීම රාජ්‍ය සේවකයන්ගේ මූලික වගකීම බව කාර්ය මණ්ඩලය හමු වූ ජනාධිපති අවධාරණය කළේය