දිවයිනට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් දරු දැරියන් හතළිස් හතර දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් පවසයි.
මේ අතර පාසල් දරු දැරියන් අට දෙනකු අතුරුදන් වී ඇත.
ගංවතුරෙන් වැඩි වශයෙන්ම ආපදාවට ලක්වූ රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් පනස් හතක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දෙකක්, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් අටක්, මාතර දිස්ත්‍රික්කයේ පාසල් හතරක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් පහක් හානියට පත්ව ඇති බව ද ඇමැතිවරයා පැවැසුවේය.
බස්නාහිර පළාතේ ජයවර්ධන කලාපයේ පාසල් හතරක්ද, මතුගම පාසල් පහළොවක්ද, හොරණ පාසල් තිස් නවයක්ද, හෝමාගම පාසල් හතරක්ද හානියට පත්ව ඇතිව බවද ඇමැතිවරයා සදහන් කළේය.
සබරගමුව පළාතේ පාසල් තිහක්ද, දකුණු පළාතේ පාසල් ෙදාළහක් සහ බස්නාහිර පළාතේ පාසල් දාහතක් අවතැන් කඳවුරු සහිත පාසල් ලෙස ක්‍රියාත්මක වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
[rns_reactions]