හමුදාවට ලැබුණු එළවළු කිලෝ 150,000ක් රතු දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභීන්ට

Spread the love

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට ඔවුන්ගේ එළවළු තොගවලින් කිලෝ ලක්‍ෂ එක හමාරක ප්‍රමාණයක් ලබාදුන්නා. එය ඊයේ සහ අද දිනයන්හිදී කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි අඩු ආදායම්ලාභී පවුල් අතරේ බෙදා දීමට යුධ හමුදාව විසින් ක්‍රියාකරනු ලැබුවා යැයි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.

යුද්ධ හමුදාපතිවරයා මේ බව සදහන් කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (22) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. මේ මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය අමාත්‍යවරිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී වී සිටීයහ.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේද පැවසුවේය

ඊයේ දින ශ්‍රී ලංකාවට රැගෙන ආ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ත්‍රිවිධ හමුදාවේ අයවළුන් ඔවුන් පාකිස්ථානයේ සිට රැගෙන එනු ලැබූ බව සන්ධ්‍යාවේදී. ඔවුන් 106 දෙනා ඊයේ සවස් භාගයේදීම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුධ හමුදා අයවළුන් යුධ හමුදාව යටතේත්, නාවික හමුදා අයවළුන් නාවික හමුදාව යටතේත්, අනිකුත් ශිෂ්‍යාවන් යුධ හමුදාව යටතේත් නිරෝධායනය ලක්කරලා තිබෙනවා.

මේ අනුව යුධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 26 ක් යටතේ තවදුරටත් 2690 දෙදෙනෙකු නිරෝධායනය වෙමින් පවතිනවා.

ඊට අමතරව 4348 දෙනෙකු නිරෝධායන කටයුතු නිමවී තම නිවෙස් බලා ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී අපි කොට්ටාව ප්‍රදේශයේදී පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් සීල් කරනු ලැබුවා. එහි PCR පරීක්ෂණත් අපි කරනු ලැබුවා. ඒ PCR පරීක්ෂණ අනුව කිසිවෙකු ආසාධනයට ලක්නොවූ බවට තහවුරු වෙලා තියෙනවා.

ඊට අමතරව පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙක් එතුමාගේ පවුලේ අයවළුන් 23 දෙනෙකු අපි වැලිසර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබෙනවා.

ඊයේ දිනයේ නිරෝධායන සඳහා රැගෙන ගිය අයවළුන්ගෙන් යාපනය, කිළිනොච්චිය, පලාලි සහ ඉරණමඩු ප්‍රදේශයන් හි ඔවුන් තවදුරටත් නිරෝධායනට ලක්කරලා තියෙනවා.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට ඔවුන්ගේ එළවළු තොගවලින් කිලෝ ලක්‍ෂ එක හමාරක ප්‍රමාණයක් ලබාදුන්නා. එය ඊයේ සහ අද දිනයන්හිදී කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි අඩු ආදායම්ලාභී පවුල් අතරේ බෙදා දීමට යුධ හමුදාව විසින් ක්‍රියාකරනු ලැබුවා.