ජුනි 11 වන දා සිට දිල්ලියේ AIMS රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටි අතල් බිහාරී වජ්පායි මහතා ඊයේ (16) සවස 5 ට පමණ හටගත් වකුගඩු හා හෘදය අකර්මන්‍ය වීමෙන් මිය ගොස් ඇත.
අද දින පැවැත්වීමට නියමිත ‘අවමංගල්‍ය උපහාර’ එතුමන්ගේ රාජකාරී ස්ථානය වූ ක්රිෂ්ණ මෙනන් හි සහ භාරතීය ජනතා පක්ෂ මූලස්ථානයේත් දැක්වීමට නියමිත ය. ඉන් අනතුරුව සවස 1 ට පක්ෂ මූලස්ථානයෙන් පිටත් වන අවමංගල්‍ය රථ පෙරහැර අවසන් වත් පිළිවෙත් රාෂ්ටී්රය ස්මෘති ස්ථාල් හි කටයුතු සම්පාදනය කර ඇත.
මේ වන විටත් මුළු ඉන්දියාවේ ම සතියක ශෝක කාලයක් ප්‍රකාශ කර ඇත. බොහෝ ජන නායකයින් සිය ශෝකය ප්‍රකාශ කර ඇත.
නිදහස් ඉන්දියාවේ තෙවරක් අගමැති ධූරය හෙබවූ ඒ මහතා භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමට සහය දැක්වූ පුරෝගාමියෙකු ද වෙයි. මෙතුමාගේ පාලන සමය තුළ ප්‍රථම වරට ඉන්දියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලීය. දක්ෂ කථිකයෙකු මෙන් ම කාව්‍ය රචකයෙකු වූ මෙතුමා මිය යන විට 93 වැනි වියේ පසු විය.