Covid-19 වසංගතයට එරෙහිව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්වූ ප්‍රතිචාරය ‘අවුල් සහගත ව්‍යසනයක්‘ යැයි හිටපු ජනාධිපති බැරක් ඔබාමා චෝදනා කරන බව අල් ජසීරා වාර්තාවක දැක්වෙයි.
ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් 3,000ක් සහ තම පාලන සමයේ පරිපාලන සේවයේ කටයුතු කළ පුද්ගලයින් සමඟ පසුගිය සිකුරාදා ඔබාමා පැවැත් වූ සාකච්ඡාවකදී සිය ආධාරකරුවන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ නොවැම්බර් මැතිවරණයෙන් ට්‍රම්ප් නෙරපා හැරීමට උත්සාහ කරන ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බිඩෙන්ට සහයෝගය ලබා දෙන ලෙසයි.
“සෑම මට්ටමකින්ම එළඹෙන මැතිවරණය ඉතා වැදගත් වන්නේ අප සටන් කිරීමට යන්නේ විශේෂිත පුද්ගලයකු හෝ දේශපාලන පක්ෂයක් පමණක් නොවන නිසායි. අප සටන් කරන්නේ මෙම දිගු කාලීන ප්‍රවණතාවන්ට ආත්මාර්ථකාමී වීම, බෙදී යාම සහ අන් අය සතුරෙකු ලෙස දැකීම (එය ඇමරිකානු ජීවිතයේ ප්‍රබල ආවේගයක් බවට පත්ව ඇත) නිරන්තයෙන් සිදුකරන පුද්ගලයෙක් සමගයි. එසේම, ජාත්‍යන්තර වශයෙන් ද අපි එය දකිමු‘
“ජෝ බිඩෙන් වෙනුවෙන් මට හැකි තරම් කාලයක් ගත කර, හැකි තරම් වෙහෙස මහන්සි වී වැඩ කරන්නෙමි” යනුවෙන් ඔබාමා පැවසීය.
මිලියන 1.3 කට ආසන්න සංඛ්‍යාවක් වන කොවිඩ්-19 ආසාදනට ලක්ව ඇති අතර මරණ 78,000 කට වඩා එක්සත් ජනපදය තුළ සිදුව ඇත. එය තව දුරටත් අඛණ්ඩව ඉහළ යමින් පවතී.
ශතවර්ෂයක් තුළ එක්සත් ජනපදය තුළ ඇති වූ දරුණුතම අර්බුදයන්ගෙන් එකක් වන කොවිඩ්-19 වසංගතය හමුවේෙ වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරන ආකාරය දැඩි විවේචනයට ලක්ව ඇත.
විචාරකයින් පවසන්නේ ට්‍රම්ප්, වෛරසය නිසා ඇති වූ තර්ජනය මුලින් අවතක්සේරු කිරීමෙන් පසු, පෙබරවාරි මාසයේ දී ඇමරිකාවේ රෝග කාරකය ව්‍යාප්ත වීම සමග ඔහුගේ පරිපාලනය විවිධ අර්බුදය හා නොසලකා හැරීම් සිදුකරමින් කාලය නාස්ති කළ බවයි.
නැවත තේරී පත්වීම කෙරෙහි අවධානය යොමු කරමින්, ජනාධිපතිවරයා තම දේශපාලන අවශ්‍යතා මිනිස් ජීවිතවලට ඉදිරියෙන් තබන බවට චෝදනා කර ඇති අතර, වසංගතය හේතුවෙන් දුර්වල වූ ආර්ථිකය ආරක්ෂිත කරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි සැලැස්මක් නොමැතිව ආර්ථිකය නැවත විවෘත කිරීමට ට්‍රම්ප් දක්වන බලහත්කාරී උනන්දුව ද දැඩි විවේචනයට ලක්ව ඇත.
ධවල මන්දිර ප්‍රකාශක කයිලි මැක්නනි පැවසුවේ කොවිඩ්-19 වෛරසයට ට්‍රම්ප් දැක්වූ ප්‍රතිචාරය “පෙර නොවූ විරූ එකක්” බවත් ඔහු සිය සැලසුම් මගින් ඇමෙරිකානු ජීවිත බේරාගෙන ඇති බවත්ය.
නීතියේ ආධිපත්‍යය පිළිබඳ අනතුරු ඇඟවීම
ධවල මන්දිරයේ හිටපු ජාතික ආරක්ෂක උපදේශකයෙකු වන මයිකල් ෆ්ලින්ට එරෙහි නඩුව ඉවත් කරන බව අධිකරණ දෙපාර්තමේන්තුව පැවසීමෙන් පසු එක්සත් ජනපදය තුළ “නීතියේ ආධිපත්‍යය අවදානමට ලක්ව ඇති” බවට ද ඔබාමා ද අනතුරු ඇඟවීය.
රුසියාව 2016 වසරේ පැවැති එක්සත් ජනපද මැතිවරණයට මැදිහත් වූ බවට චෝදනා කෙරෙන විමර්ශනයේ ප්‍රධාන ඉලක්කයක් වන ෆ්ලින් 2017 දී වරද පිළිගත්තේය.
ෆ්ලින් ලුහුබැඳීමට කිසි විටෙකත් පදනමක් නොමැති බවත්, එෆ්බීඅයි සිය බලතල අනිසි ලෙස භාවිතා කළ බවත් නීතිපති විලියම් බාර්ගේ ප්‍රකාශය නීති විශාරදයින්ගේ සහ සිවිල් සමාජ කණ්ඩායම්වල දැඩි විවේචනයට ලක් විය.
උප ජනාධිපති මයික් පෙන්ස්ට බොරු කීම නිසා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලින්ට චෝදනා කළේය. ඒ අතර ට්‍රම්ප් හිටපු ජෙනරාල්ගේ නඩුව ගැන නිතර නිතර ට්වීට් කළ අතර එය එෆ්බීඅයි විමර්ශනයට එරෙහිව ඔහුගේ ආධාරකරුවන් වෙනුවෙන් හඩ නැගීය. ට්‍රම්ප් මෑතකදී ෆ්ලින්ව නිදොස් කොට ප්‍රකාශයට පත් කළේය.
“පසුගිය පැය 24 පුරා මා සිතූ පුවත තරමක් පහත් කොට සලකනු ලැබුවා. අධිකරණ දෙපාර්තමේන්තුව මයිකල් ෆ්ලින්ට එරෙහි චෝදනා ඉවත් කිරීම ගැන මම පුදුම වෙනවා” ඔබාමා පැවසීය.
“වැරදිසහගත චෝදනාවට ලක්ව ඇති අයෙකු සඳහා කිසිවෙකුට සොයාගත හැකි පූර්වාදර්ශයක් නොමැති වීම අපකීර්තියෙන් මිදීමයි. එය ඔබ කනස්සල්ලට පත්වීමට පටන් ගන්නා ආකාරයේ කාරණයක්. ආයතනික සම්මතයන් පමණක් නොව අපගේ මූලික නීතියේ ආධිපත්‍යය පිළිබඳ අවබෝධය අවදානමට ලක්ව ඇති අතර ඔබ එම දිශාවන් කරා ගමන් කිරීමට පටන් ගත් විට, අප වෙනත් ස්ථානවල දැක ඇති පරිදි එය ඉතා ඉක්මණින් වේගවත් කළ හැකිය, ” ඔබාමා ෆ්ලින්ට එරෙහි චෝදනා වැරදි ලෙස සඳහන් කරමින් පැවසීය.

අල් ජසීරා වාර්තාවක් ඇසුරිණි