නාසි ප්‍රධානි කෲර පාලකයා වන හිට්ලර් ඔහුගේ මතවාදයන් පැතිර වීමට අමුතු විදියේ දේවල් කරපු කෙනෙක් කියන එක හැමෝම දන්නවනේ. ඒ වගේ ඔහු දරුවන් බිහිකරන්න කාන්තාවන් පවා කුලියට අරගෙන තියනවා. ඒ විදියට ඔහු දරුවන් බිහි කිරීමට කාන්තාවන් කුලියට අරගෙන තියෙන්නේ ඇයි කියලා තමයි අපි අද හොයලා බලන්නේ.
- නාසි ආධාරකරුවන්
1936 දී නාසි ආධාරකරුවෙකු හා උපාධිධාරිනියක වන Hildegard Trutz ව ජර්මනියේ වාර්ගිකව “පවිත්‍ර” කාන්තාවක් ලෙස බදවාගෙන, ආර්ය දරුවා බිහිකිරීමේ බලාපොරොත්තුවෙන් SS නිලධාරින් සමග නිදා ගැනීමට තෝරා ගත්තා. 1930 ගණන් වලදි නාසි හමුදාව තුල රහස් සැලැස්මක් ලෙස ක්‍රියාත්මක කල මෙමගින්, නිල් පාට ඇස් හා රන්වන් පාට කෙස් වලින් යුතු දරුවන් බිහිකර ගැනීම අපෙක්ෂා කලා.
- Lebensborn
ජර්මානු රාජ්‍ය බෝ කිරීම හා නිෂ්පාදනය කිරීම “උසස් ජර්මානු” වන්ට පැවරී තිබුනා. SS හමුදා ප්‍රධානියා වන Heinrich Himmler මෙය පිටුපස සිටින ප්‍රධාන මොලකරුවා වූ අතර ඔහු විසින් කැදවු උද්ඝෝෂනය Lebensborn ලෙස හදුන්වනු ලැබුවා. Himmler පවසා සිටියේ “මේ නොර්ඩික් ජාතිය ස්ථාපනය කිරීමට හා මිලියන 200ක පමන ජන සංඛ්‍යාවක් නිෂ්පාදනය කිරීමට අපි සමත් වුවහොත්, ලෝකයම අපිට අයිති කර ගැනීමට පුලුවන් වෙනවා.” යන ලෙසයි.
- ඇතුලත හා පිටත සම්බන්ධතා
ජර්මනියේ වඩාත්ම ආක්‍රමනශීලි හමුදා ඒකකය වන SS හි ප්‍රධානීන් විසින් එහි සාමාජිකයන්ට, විවාහය තුල හා විවාහයෙන් පිටත සම්බන්ධතා පැවැත් විය යුතු බවට නියෝග කරනු ලැබුවා. Himmler විසින් මෙය නිවේදනය කරනු ලැබුවේ “මගේ මිනිසුන් දිලිසෙන ඇස්වලින් මට කියනවා ඔවුන් (ගැහැණුන්) ට අවජාතක දරුවන් සිටින බව”
- වැඩසටහනේ පරමාර්ථය
මෙම වැඩසටහනේ වර්ධනය සදහා බොහෝ දෙනෙක් හේතු වුනා. 1900 ගණන් වල මුල් භාගයේදී පිරිමින්ගේ හිගයක් පැවතුනු අතර, ජර්මනියේ උපත් වේගයත් පහල වැටුනා. එයට 1918 නොවැම්බර් 11, පසු පලමු වන ලෝක මහා සංග්‍රාමයෙන් ඇතිවූ ආර්ථික පරිහානිය හා ජර්මන් කාන්තාවන් අතර ඇති වූ ගබ්සා කිරීම් සංඛ්‍යාව හේතු වුනා. එයට පිලියමක් ලෙස තමයි ජර්මනියේ ආර්ය උපත් අනුපාතය වර්ධනය කිරීමට Lebensborn වැඩසටහන අරම්භ කරනු ලැබුවේ.
- නිවස සහ කොන්දේසි
සියලුම සුඛෝපභෝගි තත්වයන් හා මූල්‍යමය ආධාර ලබා ගැනීම සදහා, ගර්භනි කාන්තාවන් ඔවුන්ට ලැබෙන්නට සිටින දරුවන් ආර්ය පරම්පරාවට අයත් බව ඔප්පු කල යුතු වුනා. ඒ වගෙම එම දරුවන් Lebensborn නිවාස වල රදවා හොදින් රැකබලා ගත් අතර ඔවුන්ට නාසි අධ්‍යාපනයද ලබා දීමට කටයුතු කලයුතු වුනා.
- අසාමාන්‍ය කතාව
ජර්මානු හා නෝර්වේ යන රටවලින් වාර්තා වී ඇති ආකාරයට තුන්වන ජර්මන් රාජ්‍ය කාලයේ අවුරුදු 12ක් තුල බිළිඳුන් 20,000 ක් උපත ලබා තිබෙනවා. එකල සිටි ජනයා විසින් ගෙනගිය කතාවලින් ජර්මන් කාන්තාවන් විශ්වාස කලේ තමන් හිට්ලර් සදහා උපත් ලබා දීමට සෑදී ඇති බවයි.
- Giles milton
1933 කාලය තුල හිට්ලර්ගේ නීති යටතේ, පක්ෂපාති නාසි ආධාරකරුවෙකු වන Hildegard Trutz ගේ Bund Deutscher Madel නම් කාන්තා කණ්ඩායම සමග අත්වැල බැදගත් අතර එය හිට්ලර්ගේ කාන්තා කණ්ඩායම ලෙස හදුන්වා තියෙනවා.
- කණ්ඩායමේ ප්‍රධානියා
Hildegard Trutz නෝර්ඩික් කාන්තාවන් සදහා කදින් නිදසුනක් වූ අතර ඇයට දරුවන් බිහි කිරීම සදහාම සුදුසු වූ ශරීරයක් උරුම වී තිබුනා.
- ජීවිත වෙනස් වීම1936
දරුවාගේ පාසල් කාලයෙන් පසු, BDM නායකයන් විසින් දරුවාට කල යුත්තේ කුමක්ද යන්න ගැන පැහැදිලි කර දෙනවා.
- වැඩසටහන
BDM නායකයා පැහැදිලි කර දුන් ආකාරයට දරුවා අතහැර දැමිමේ නිති රීති වලට යට විය යුතු අතර නැවත නිදා ගැනීම සදහා කාන්තාව විසින් සහායකයකු තෝරා ගත යුතුය. දරුවාගේ උපතෙන් පසු, ඔවුන් රාජකීය නාසීන් බවට පත් කිරිම සදහා Lebensborn වෙත රැගෙන යා යුතු බවට නියෝග කරනු ලැබුවා.