ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉන්දීය මාධ්‍යවේදිනී මීරා ශ්‍රිනිවාසන් මහත්මියට තොරතුරු ලබාදුන් කැබිනට් ඇමැතිවරුන් සිව්දෙනා කවුදැයි අනාවරණය කරගැනීමට ඔස්‌ටේ්‍රලියානු රජය මෙරටට ලබාදුන් අධිතාක්‍ෂණික විද්යුත් උපාංගවලින් හැකිවන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (19) පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජංගම දුරකථන පණිවුඩ ගැන සෙවීමට මේ උපාංග භාවිත කර තිබුණි.
මේ වන විට එම ඉන්දීය මාධ්‍යවේදීනිය සබඳකම් පවත්වන පාර්ශව ගැන තොරතුරු රජයට ලැබී ඇත.
මෙයට පෙර ජනාධිපතිවරයා නිව්යෝර්ක් යැමට පෙර නතර වී සිටින හෝටලය සහ කාමර අංකයද වෙනත් පාර්ශවයකට ලැබී තිබූ බව අනාවරණය විය. මීරා ශ්‍රී නිවාසන් හින්දු පුවත්පතේ පළකළ ප්‍රකාශය ඉතා භයානක බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද දන්වා තිබිණි.
මෙය වෙනත් රටක සිදු වූවානම් ඇය අත්අඩංගුවට ගැනීමක් හෝ රටින් පිටුවහල් කිරීමත් සිදුවන බවද ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.
හින්දු පුවත්පතට තොරතුරු දුන් ඇමැතීන් අල්ලන්න අධිතාක්‍ෂණ උපාංග
