හිනිදුම හඬවමින් බක් පුර පසළොස්වක පෝදා සිසුවියන් තිදෙනෙකුට සිදුවූ මහා ඛේදවාචකය

හිනිදුම හඬවමින් බක් පුර පසළොස්වක පෝදා සිසුවියන් තිදෙනෙකුට සිදුවූ මහා ඛේදවාචකය
Spread the love

අංකල් ගෙන් අහන්නකො දුවේ එයා කැමති නම් මම එක්කන් යන්නම්

දරුවො ටික ඇන්ටි එක්ක ගිහිං ඉක්මනින් අයිනට වෙලා නා ගෙන එන්නකෝ

හිනිදුම නුගගල මංසන්ධිය අසලින් ගිං ගඟේ දිය නෑමට ගිය එකම පවුලේ මව දියණිය සහ ඇයගේ යෙහෙළියන් දෙදෙනෙකු පසුගිය 31 වනදා දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබුණා

මෙලෙස මියගියේ බටහිර හිනිදුම පදිංචි 39 හැවිරිදි අනෝමා ශ්යාමලී ලියනගමගේ සහ ඇගේ 14 හැවිරිදි දියණිය වු මිනුරිකා ශ්යාමලීයි

දියණියගේ යෙහෙළියන් වු තලංගල්ල ප්රදේශයේ පදිංචි 14 හැවිරිදි රවින්දි යසස්මිණි සහ මාපලගම ප්රදේශයේ පදිංචි කවීශා අංජලී ද මෙලස දියේ ගිලීමෙන් මියගියා

දියණියගේ යෙහෙළියන් දෙදෙනා ඇගේ නිවසට පැමිණ ඇත්තේ එදින නිවාඩු දිනයක් හේතුවෙන්

පසුව පස්වරු 2.30ට පමණ ඇය සිය මව සහ මිතුරියන් සමග ගිං ගඟේ දිය නෑමට ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ

එහිදී ගඟේ දිය පහරට හසුවීමෙන් මොවුන් දියේ ගිලී අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්වී තිබුණා

මෙලෙස මිය ගිය මව 39 හැවිරිදි වියේ පසුවන අතර දැරියන් තිදෙනා 14 වියේ පසුවන අයයි

මියගොස් ඇති 39 හැවිරිදි කාන්තාව සහ ඇයගේ 14 හැවිරිදි දියණිය හිනිදුම බටහිර ප්රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තාවුණේ

අනෙක් දැරියන් දෙදෙනො තංගල්ල සහ මාපලගම ප්රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක සටහනක් සමාජ මාධ්යයේ හුවමාරුවනවා

එම සටහන පහතින්

හිනිදුම කිවූ සැණින් බොහෝ දෙනෙකුට සිහියට එන්නෙ හිනිදුම කල්වාරිය සහ ගිං ගඟ කොමලියයි.නිවාඩු දින වල මිතුරු මිතුරියන් එක්ව විනෝද ගමන් යාම සාමාන්ය සිරිතකි

එළඹෙන පොහෝ දින පාසලේ මිතුරියන් කිහිප දෙනෙකු තම නිවසට පැමිණෙන බව 14 හැවිරිදි ගිම්හානි මීට සතියකට පමණ පෙර විදුහල්පතිවරයෙකු වන තම පියාණන්ට දැනුම් දෙන ලදී

මේ දිනවල හිනිදුම කල්වාරි වන්දනා සමය බැවින් තම නිවසට ඉතා සමීපව පිහිටා ඇති කල්වාරි පුදබිම පෙන්වීම සඳහා ඔවුන්ව රැගෙන යා යුතු බවත් ඇය පැවසීය

නමුත් ඊට හොර රහසින් මේ මිතුරියන් අතරේ තව යමක් මේ නිවාඩු දිනය වෙනුවෙන් සැලසුම් විය එනම් තම නිවසට යාබදව පිහිටා ඇති ගිං ගඟෙහි නෑමට යාමය

ගාල්ල නගරයෙහි පිහිටා තිබෙන ප්රසිද්ධ කාන්තා පාසලක 09 වන ශ්රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියන් 06 දෙනෙකු (සියලු දෙනාම ශිෂ්යත්ව විභාගය සමත් වීම නිසා නගරයේ පාසැල වෙත පැමිණ ඇත.)

එක් සිසුවියකගේ තවත් බාල සහෝදරයකු සැලසුම් කළ පරිදි (03/31) දින යෙදී තිබූ පොහොය නිවාඩුව නිසා උදෑසනම දුර ගෙවා ගිම්හානි ගේ නිවසට පැමිණියේය

බවුද්ධයින් වූ සියලු දෙනාම කිතුනු බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් වූ හිනිදුම කල්වාරි පුදබිම දැක ගැනීමේ ආශාව ඇතිව උදෑසනම ඒ සඳහා පිටත් විය

වන්දනා පුද බිම නැරඹීමෙන් අනතුරුව දහවල් 12ට පමණ නැවතත් ගිම්හානි ගේ නිවසට පැමිණි මිතුරියන්, තමන් ට ගිං ගඟෙහි නෑමට අවශ්ය බව කියා ගිම්හානිගේ මවට පෙරැත්ත කළේය

අංකල් ගෙන් අහන්නකො දුවේ එයා කැමති නම් මම එක්කන් යන්නම් මව පිළිතුරු දුන්නේය

මේ කතා බහට හොර රහසේම ඇහුම් කන් දුන් විදුහල්පති පියාණන් කාටත් නොකියාම තම නිවසට 200m පමණ දුරින් පිහිටා ඇති ප්රදේශයේ සියලු දෙනාම පාහේ යන ගිං ගඟෙහි නාන තොටුපල වෙත ගොස් තම දරුවන්ට ආරාක්ෂාකාරීව නෑමට සුදුසු දැයි පරීක්ෂා කලේය

වියලි කාළගුණයක් පැවතීම නිසා එතරම් ජල පහරේ දැඩි බවක් හෝ ගැඹුරු බවක් නොවූයෙන් හ්ම් එහෙනම් දරුවො ටික ඇන්ටි එක්ක ගිහිං ඉක්මනින් අයිනට වෙලා නා ගෙන එන්නකෝ මම කෑම ටික ලෑස්ති කරල තියන්නම් ඔවුන්ට පැවසීය

ඉතා සතුටෙන් කලින් පටන් සූදානම් කර ගත් ඇඳුම්ද රැගෙන ඔවුන් නෑම සඳහා පිටත් විය.මිදුල ට පැමිණි පියාණන් ගඟේ එහා පැත්තට එහෙම යනව නෙමෙයි” කියා නැවතත් උස් හඬින් දරුවන්ට තරවටු ස්වරයෙන් පවසා මුළුතැන් ගෙට පිවිසියේය

ගත වූයේ අඩ හෝරාවකි

දිය කෙලියේ සිටි එක් සිසුවියක් තම සබන් පෙට්ටිය ජලයේ ගසා ගෙන යනු දැක එය ගැනීමට ඉදිරියට ගියේය.කිසිවකුත් නොසිතූ ලෙස ඇය ජලය අතරින් නොපෙනී ගියේය සියලු දෙනාගේ ලතෝනි මැද ගිම්හානිගේ මවත් තවත් සොයුරියන් දෙදෙනෙකුත් ඇය බේරා ගැනීම පිණිස ගඟට පැන්නේය

තත්පර කිහිපයක් ඇතුලත ඔවුන් සිව් දෙනාම ගිං ගඟ පතුලේ සැඟව ගියේය.විනාඩි කිහිපයක් ඇතුලත ප්රදේශයේ තරුණයින් එක්ව ඔවුන්ව ගිං ගඟ පතුලෙන් ගොඩට රැගෙන ආවත් මාරයා ඔවුන්ට මොහොතකින් හෝ හමාරය

නිසොල්මන්ව සිටින තම බිරිඳ සහ එකම දියණිය දෙස බලාගෙන විදුහල්පති පියාණන් හඬා වැලපෙන්නේය

අනික් දියණියන් දෙදෙනාගේ දෙමාපියන් මා මෙය ලියන මොහොත වන විටත් තම දරුවන්ට අත්ව ඇති ඉරණම ගැන හාංකවිසියක් හෝ නොදනී

යන්තමින් දිවි බේරාගත් අනෙක් දරුවන් තම මිතුරියන්ගේ ම්රුත දේහ දෙස බලාගෙන කිසිත් සිතා ගත නොහැකිව හැඬූ කඳුලින් පසුවෙති

දැං සියල්ල සිදුවී හමාරය

මාරයා කවදා කෙලෙසක ඒවිදෝයි කව්රුත්ම නොදනිති

දෙමාපියනි ඔබටද සිතන්නට බොහෝ දෑ ඉතිරි කර ඇත