නීතිපතිවරයා පවරා ඇති නඩුවේ චෝදනාවට වරද පිළිගෙන කෙටි ක්‍රමයකින් නඩුව අවසන් කරගැනීමට විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සූදානම් බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සෙනවිරත්න මහතා ඊයේ (08) කොළඹ මහාධිකරණ විනිසුරු වී. ශෂී මහේන්ද්‍රන් මහතාට දැනුම් දුන්නේය.
එම චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කොට කරුණු දැක්‌වීමට දින ලබාදෙන ලෙස ද විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු වී. ශෂී මහේන්ද්‍රන් මහතා ඊයේ (08) ආරම්භ කිරීමට නියමිතව තිබූ එම නඩුවේ සාක්‍ෂි විභාගය ලබන දෙසැම්බර් 11 වැනිදා දක්‌වා කල්තැබීමට නියෝග කළේය. 2015.12.21 වැනිදා දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන ගොස් පහරදීම, අයුතු ලෙස සිරකර තැබීම ඇතුළු අධිචෝදනා 29 ක් යටතේ නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇගේ පෞද්ගලික ආරක්‍ෂකයන් 8 දෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබිණි.
ඇගේ පෞද්ගලික ආරක්‍ෂකයන් 8 දෙනා පෙර අවස්‌ථාවකදී වරද පිළිගෙන දඬුවමට ලක්‌වී තිබිණි.