හොරණ උතුරු උඩුව ප්‍රදේශයේ තරුණයකු වෙඩි නොවදින තෙලක් නිපදවා ඇති පුවතක් ලැබී ඇත.වසර ගණනාවක් පිළිවෙත් පුරා මෙම කාර්යයේ යෙදුණ බවත් පැරණි ගුරුවරුන්ගෙන් ලද යන්ත්‍ර මන්ත්‍ර මේ සඳහා යොදා ගත් බවද ඔහු පවසයි.
උතුරු උඩුව කරව්හේන ප්‍රදේශයේදී මෙම තෙල් කුප්පියට වෙඩි තබා පරීක්ෂා කර ඇත. ප්‍රදේශයේ දක්‌ෂ වෙඩික්‌කරුවකු ගෙන්වා වෙඩි ප්‍රහාර දෙකක් තෙල් කුප්පියට එල්ල කළ ද වෙඩි උණ්‌ඩ තෙල් කුප්පියට නොවැදී ඉහළට ගිය බව පසුව වෙඩික්‌කරුගෙන් කළ විමසීමකදී ඔහු පැවසා ඇත.
“විෂ්ණු ක්‍රාන්තී තෛලය” නමින් හඳුන්වන මෙම තෙල් කුප්පියට කිසිවෙකුට වෙඩි තැබිය නොහැකි බවත් කිසිම ලාභ අපේක්‌ෂාවකින් තොරව තමන් මේ දේ කළ බවත් නීත්‍යානුකූලව සිදු කෙරෙන දෙයකට මෙය යොදා ගත හැකි වෙතැයි ඔහු අපේක්‌ෂා කරන බවත් මෙම තෙල නිපදවූ තරුණයා පවසයි.

