ළමුන් 12 ක් අපයෝජනය කළ හිමිවරුන් 2 ක් සමඟ තවත් 6 ක් අත්අඩංගුවට

ළමුන් 12 ක් අපයෝජනය කළ හිමිවරුන් 2 ක් සමඟ තවත් 6 ක් අත්අඩංගුවට
Spread the love
නිකවැරටිය රස්නායකපුර ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් දොලොස් දෙනෙකු අපයෝජනය කිරීමට සැකපිට එම ළමා නිවාසයේම හිමිවරුන් දෙපලක් සමඟ ගිහි නේවාසිකයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 
නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජීව බංඩාර මහතාට ලැබුණ තොරතුරක් මත පරීක්ෂණ සිදු  කිරීමේ දී බාල වයස්කාර ළමුන් දොලොස් දෙනා අවස්ථා තිස් දෙකක දී අපයෝජනයට ලක්ව ඇති බව මේ වනවිට හෙලිව තිබේ. 
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනෙකු 23 දින නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. 
සැකකාර එක් හිමි නමක් 24 දින මහෙස්ත්‍රාත් හමුවට පැමිණවීමට  නියමිත බව රස්නායකපුර පොලීසිය පවසයි. 
පරීක්ෂණ අවසන් වනතෙක් අගතියට පත් සිසුන් වෙනත් ළමා නිවාසයක රැඳවීමටත් ඒ පිළිබඳව පරිවාස වාර්තාවක් කැඳවීමටත් අධිකරණය පොලිසියට නියමකර තිබේ. 
මෙම ළමා නිවාසය 1998 සිට ළමාරක්ෂක අධිකාරිය යටතේ පාලනය වන ආයතනයකි. 
නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය, කොට්ඨාස අපරාධ අංශය සහ රස්නායකපුර පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.