ව්‍යාජ ගිණුම්, අසභ්‍ය ජයාරූප සහ ව්‍යාජ පුවත් පලකරන පුද්ගලයින් හදුනා ගැනීම සදහා වන ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ලොව ප්‍රකට “ෆේස්බුක්” සමාජ ජාල වෙබ් අඩවිය මාසයක කාලයක් සදහා තහනම් කිරීමට පැපුවා නිව් ගිනීයානු රාජ්‍ය තීරණය කර ඇත.දිනෙන් දින ඉහල යන මෙවැනි සිදුවීම් වහාම පාලනය කල යුතු බවට එරට ජනමාධ්‍ය අමාත්‍ය සෑම් බැසිල් මාධ්‍යවේදීන් වෙත සිය නව තීරණය දැනුම් දෙමින් කියා සිටි බවයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.
පැපුවා නිව් ගිනියාවේ දැනට අන්තර්ජාල පහසුකම් ඇත්තේ එරට ජනගහනයෙන් 10% කට පමණක් වුවත් ඉදිරියේදී එය තවත් වැඩිවිය හැකි බැවින් අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන හුවමාරුවීම්, අසත්‍ය ප්‍රවෘත්ති පැතිරීම වැළැක්වීම ආදිය පිලිබදව එරට රජය දැන් සිටම පියවර ගනිමින් සිටින අතර 2016 වසරේදී හදුන්වා දුන් සයිබර් අපරාධ නිතිය යටතේ එම නීති කඩකළ පුද්ගලයින් කවුරුන්ද යන්න ගැන මෙම මාසය තුලදී තොරතුරු සොයා බලා එම වැරදිකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට පැපුවා නිව් ගිනීයා රජය පියවර ගෙන ඇත.
එමෙන්ම ඉදිරියේදී පැපුවා නිව් ගිනීයා වැසියන්ට සිය අන්තර්ජාල ක්‍රියාකාරකම් පහසුකම් ඇති කරවීම සදහා ඔවුන්ගේම සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවියක් ඇති කිරීම සදහා තම රජයේ අවධානය යොමු වී ඇති බවටද මෙහිදී ජනමාධ්‍ය අමාත්‍ය සෑම් බැසිල් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

