ෆේස් බුක්හි ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරයි

ෆේස් බුක්හි ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරයි
Spread the love
ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය භාවිතා කරන්නන් පළ කරන ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ව්‍යාජ ප්‍රවෘත්ති ඉවත් කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ඇති වූ ගැටලුකාරි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ෆේස්බුක් සමාගම මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ගැටුම්කාරි තත්ත්වයන්ට හේතුවන ප්‍රකාශ සහ ඡායාරූප ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ද ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.