Facebook සමාජ ජාල අඩවියෙහි Partner Categories යනුවෙන් වර්ගීකරණය කොට ඇති දැන්වීම් ප්‍රචාරණ ක්‍රමවේදය අවලංගු කරන බව Facebook ආයතනය පවසයි.
මිල දී ගැනීමේ ක්‍රියාවලිය වැනි මාර්ග අපගත දත්ත එක්රැස් කර තම සේවා ලාභීන්ට සැපයීමට Experian සහ Acxiom වැනි ප්‍රමුඛ පෙළේ තෙවැනි පාර්ශ්වකාර ආයතනවලට මෙම ප්‍රචාරණ ක්‍රමවේදයෙන් ඉඩ ලබා දුන් අතර Cambridge Analytica විසින් Facebook පරිශීලනය කරන්නන් මිලියන 50ක් දෙනාගේ පෞද්ගලික තොරතුරු සොරාගත් බවට චෝදනා එල්ල වීමෙන් පසුව මෙම අවලංගු කිරීම සිදු කර ඇත.
මීට අමතරව තම දැන්වීම් ප්‍රචාරණ පහසුකම් අවභාවිතයට එරෙහිව Facebook ආයතනය ගත් තවත් එක් පියවරක් ලෙසින් මෙය සැලකේ.ඉදිරි මාස හයක කාලයේදී ක්‍රම ක්‍රමයෙන් සිදු කරනු ලබන මෙම අවලංගු කිරීමෙන්, Facebook පරිශීලනය කරන්නන්ගේ පෞද්ගලිකත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇති බවට එම ආයතනය විශ්වාසය පළ කරයි.

