ෆේස් බුකියෙ පිංතූර විකෘති කරල දානවා කියල කතකට අතරවර කරලා.. ඒ මදිවට මුදලුත් ගරාගෙන

ෆේස් බුකියෙ පිංතූර විකෘති කරල දානවා කියල කතකට අතරවර කරලා.. ඒ මදිවට මුදලුත් ගරාගෙන
Spread the love

මුහුණුපොතේ ඇති ඡායාරූප විකෘති කර අන්තර්ජාලයට මුදා හරින බවට පවසා තර්ජනය කර ස්ත්‍රී දූෂණයක් සිදුකර වරින් වර එම කාන්තාව බිය ගන්නා මුදල් රුපියල් 10000ක් ලබාගත් සැකකරුවෙක්, ලද පැමිණිල්ලක් අනුව ඇඹිලිපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකතනයක්, පරිඝනකයක්, රන්මාලයක් හා රුපියල් 10000 හා සැකකරු පැමිණි මෝටර් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුගේ ඡංගම දුරකතනයේ පැමිණිලිකාරියගේ හා තවත් කාන්තාවක් කිහිපදෙනෙකුගේ නිරුවත් ඡායාරූප කිහිපයක්ද සොයාගත් බව පොලීසිය කියයි.

  මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 26ක් වන ඇඹිලිපිටියේ පදිංචි කරුවෙකි.