ඉන්දියාවට බලපෑ දූවිලි කුණාටු තත්ත්වය හේතුවෙන් 125ට අධික පිරිසක් මියගොස්, 200 අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
මෙම දූවිලි කුණුටුවෙන් වැඩිම හානිය සිදුව ඇත්තේ රාජස්ථාන් සහ පන්ජාබ් ප්‍රාන්තයටය.එම ප්‍රාන්ත වලින් පමණක් මරණ 111ක් වාර්තා වී ඇත.
කුණාටුව සමග විදුලි පද්ධති බිද වැටී විදුලිය කාන්දු වීම, ගස් නිවාස වෙත කඩා වැටීම හා නිවාස විනාශවීම් රාහියක් වාර්තාවී ඇති අතර ඇතිවූ තද සුළඟ සහ අධික වාර්ෂාව බහුතර මරණ හා තුවාල සිදුවීම් වලට හේතු වී තිබේ.
පීඩාවට පත්වූවන් සඳහා හැකි ඉක්මණින් අවහ්‍ය සහන ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
තවත් කුණාටුවක් ඇති වීමේ ඉඩකඩක් පවතින බැවින් අදාළ ප්‍රදේශවලින් මේවන විට ජනතාවට ඉවත් වීමට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව ඉන්දීය මාධය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
ඡායාරූප හා වීඩියෝ පහතින් නරඹන්න
fghf