විජයකලාගේ මැරයෝ කොළඹ රඟයි

විජයකලාගේ මැරයෝ කොළඹ රඟයි
Spread the love

කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් ඇවනිවු හි සුවිසල් මන්දාරයක වසර 28ක කාලයක් කුලී පදනම මත පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු සහ එහි සිටි නිවැසියන් එළියට ඇද දමා මැරයන් පිරිසක් විසින් එම නිවස අල්ලාගෙන ඇතැයිඑම ව්‍යාපාරිකයා කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

පෙරේදා (20) දා මෙම සිදුවීම සිදුව ඇති අතර මේ මැර පිරිස විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියගේ ආධාරකරුවන් බවද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වී ඇත.

මෙම මැර පිරිස් මීට පෙර මේ ව්‍යාපාරිකයාට මේ නිවසින් ඉවත්වන ලෙස කිහිප අවස්ථාවකදී තර්ජනය කර ඇති අතරව්‍යාපාරිකයා ඇතුළු පිරිස නිවසින් ඉවත් නොවූ නිසා මෙලෙස පැමිණ එහි නිවාසියන්ට පහරදී එම මන්දිරය අත්පත්කර ගෙන තිබේ.මැර පිරිසේ පහර කෑමට ලක්වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බවද පැවසේ.