16 පෙම්වතියගේ පහස විඳි 23 හැවිරිදි පෙම්වතා තම මිතුරාටත් පෙම්වතියගේ පහස විදින්න දීලා…

16  පෙම්වතියගේ පහස විඳි 23 හැවිරිදි පෙම්වතා තම මිතුරාටත් පෙම්වතියගේ පහස විදින්න දීලා…
Spread the love

මොණරාගල ප්‍රසිද්ධ පාසලක ඉගෙණුම ලබන ශිෂ්‍යාවක රවටාගෙන ඇය දූෂණය කළ බව කියන තරුණයින් දෙදෙනෙකු මොණරාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු දහසයයි මාස හතරක් වන මෙම දැරිය කලක පටන් කිහිප වරක් මෙම තරුණයින් දෙදෙනා අතින් දූෂණයට ලක්ව තිබේ.

අත්අඩංගුවට පත්ව ඇති තරුණයින් දෙදෙනා වයස අවුරුදු විසි එක හා විසි තුන වියේ පසුවන පටබැද්දේගම ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙක් බව සඳහන්ය.

මෙයින් එක් තරුණයෙක් ඇයගේ පෙම්වතා වන බවත්, ඔහු සමඟ මෙම දැරිය කලක සිට දෙමාපියන් නොමැති අවස්ථාවල ඇයගේ නිවස තුළ දී ලිංගික සබඳතා පවත්වා ඇති බවත් මේ වන විට හෙලි වී ඇත.

පසුව පෙම්වතා විසින් ඇයව අතහරින බවට තර්ජනය කර එසේ නොකිරීමට නම් තම මිතුරා සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන ලෙස බල කර ඇත.

ඒ අනුව අවස්ථා ගණනාවක දී මොවුන් දෙදෙනා විසින් මෙම දැරිය දුෂණය කර තිබේ.

නිතර නිතර මෙම නිවසට යන එන තරුණයින් දෙදෙනා ගැන සැක සිතූ අසල්වැසියන් දැරිය ගේ දෙමාපියන්ට මේ පිළිබඳව දැණුම්දීමෙන් පසු ඔවුන් විමසීමේ දී දැරිය සියලු තොරතුරු හෙලිකර ඇත.

ඒ අනුව දෙමාපියන් විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දැරියගේ පෙම්වතා බව කියන පුද්ගලයා ටින්කරින් බාස් කෙනෙකු වන අතර විසි තුන් හැවිරිදි පුද්ගලයා කුඩා හෝටලයක කෝකියෙකු ලෙස සේවය කරන අයෙක් බවට හඳුනාගෙන තිබේ.

අපයෝජනයට ලක්වූ දැරියද පටබැද්දේගම ප්‍රදේශයේම පදිංචිකාරියකි.

සැකකරුවන් 07 දින මහේස්ත්‍රාත් වරයා හමුවට පැමිණවීමට නියමිතව තිබේ.