විෂ කෘෂි රසායන භාවිතයට ගෙන ගොවි ජනතාව මරා දැමීම ලෝකයේ අලුත්ම මිනී මරණ විධි ක්‍රමය වී ඇතැයි ද, එයට එරෙහිව යමින් ග්ලයිෆොසේට්‌නමැති පූර්ණ වල් නාශකය තහනම් කිරීම නිසා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්වූ නමුත් රජය ග්ලයිෙෆොසෙට් තහනම ඉවත් කරන්නට කටයුතු කළහොත් කලින් පැවැති රජයට සිදු කළාක් මෙන් මෙම රජයද ගෙදර යවන්නට කටයුතු කරන බවකන්තලේදී පැවැති වස විෂ නැති ගොවි සමුළුව අමතමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ.
“වස විෂ නැති රටක්” ජාතික කෘෂිකාර්මික වැඩසටහන යටතේ මෙවර ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ වගා කරන ලද වස විෂ නැති කුඹුරුවල අස්‌වනු සමීක්‍ෂණයද මෙදිනට යෙදී තිබුණු අතර එහිදී වැඩිදුරටත් ගොවි සමුළුව අමතමින් රතන හිමියෝ මෙසේද පැවැසූහ.
“මේ රජය යටතේ අපි ක්‍රියාත්මක වෙලා වැදගත් ක්‍රියා මාර්ග දෙකක් ගත්තා. එකක් පොහොර සහනාධාරය ගොවි සහනාධාරයක් බවට පත් කරල ගොවීන්ගේ අතට පොහොර සඳහා මුදල් ලබාදීම. එයින් වස විෂ නැති පොහොර මිලදී ගන්න හෝ හදාගන්න අපි ගොවීන්ට අවස්‌ථාව ලබා දුන්නා. අනෙක් කාරණය උග්‍ර විෂ පූර්ණ වල් නාශකයක් වන ග්ලයිෆොසේට්‌තහනම් කිරීම.
මේ දෙආකාරයෙන්ම අපි සිදුකළේ කෘෂි රසායන සමාගම්වල ගොදුරක් බවට පත්වුණු ගොවියා ඉන් බේරාගෙන වස විෂ නැති ධාර්මික ගොවිතැන යළිත් මේ රටේ ඇතිකරන්න. අවුරුදු දෙකක් තුළ මේ වස විෂ නැති කෘෂිකාර්මික විප්ලවය අපි පොළොවේ ජයගත්තා. ඒකේ සාර්ථක ප්‍රතිඵල ලබන මොහොතේ සමහරු දැන් මගේ කෘෂිකර්ම උපාධිය හොයනවා. ඒ විතරක් නෙමේ කොම්පැණිකාරයන්ගේ වුවමනාව පිට ආයිමත් ග්ලයිෙෆොසෙට් ගෙන්නන්න මේ රජය කටයුතු කරනවා නම් පැවැති ජඩ පාලනයට සිදුකළ දෙයම මේ රජයටත් කරන්න අපි පසුබට වෙන්නේ නෑ.අපි ග්ලයිෙෆොසෙට් තහනම් කළාට මොන්සැන්ටෝ සමාගම වැහෙන්නේ නෑ. නමුත් අපේ ආදර්ශය අරන් ඉන්දියාව වගේ රටක් මේ තීරණය ගත්තොත් ඒක ඒ සමාගමට බලපානවා. ඒ නිසා අද ඒ සමාගම විතරක් නෙමේ ඒ සමාගම්වල දේශීය ඒජන්තවරුද කලබලවෙලා”
ග්ලයිෆොසේට් තහනම ඉවත් කළොත් ගිය ආණ්‌ඩුව මෙන්ම මේ ආණ්‌ඩුවත් ගෙදර යැවීමට කටයුතු කරනවා
