19 තරුණ බිරිදට කසිප්පු පොවා අතේ පයේ හයිය පෙන්වු අරුම පුදුම සැමියා මෙන්න

19 තරුණ බිරිදට කසිප්පු පොවා අතේ පයේ හයිය පෙන්වු අරුම පුදුම සැමියා මෙන්න
Spread the love

වයස අවුරුදු දහනවයක (19) වන විවාහක තරුණ බිරිඳට කසිප්පු පොවා ඇයට බරපතළ ලෙස පහර දී තුවාල සිදු කළ බව කියන ඇයගේ සැමියා පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ සිද්ධියෙන් පසු සැමියා නිවසෙන් පළා ගොස් ඇති බවයි. බුත්තල කටුගහගල්ගේ ප්‍රදේශයේ පදිංචි යුවලක් අතර මෙම සිද්ධිය ඇති වී තිබෙන අතර ඒ පිළිබඳ මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

රාත්‍රි කාලයේදී මෙම සැකකාර සැමියා විසින් ඇයට බලහත්කාරයෙන් සිහිසුන් වන තුරු කසිප්පු පොවා බරපතළ ලෙස පහරදී තිබුණා.

පහරදීමෙන් අදාළ කාන්තාව බරපතළ ලෙස තුවාල ලබා නිවසේ වැටී සිටියදී පොලිසියට ලද තොරතුරක් මත නිවස පරික්ෂා කිරිමේදී මෙම කාන්තාව හමු වුණා.

පසුව පොලිසිය විසින් අදාල කාන්තාව කඩිනමින් බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළා.