මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙක්ට්‍රික් ටොන් 389,500ක් ලෙස 2017 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ කාල සීමාව තුළ වාර්තා වූ බව ධීවර අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව පෙන්වා දෙන අතර එම වාර්තාවට අනුව 2016 වසරේ අදාළ කාලසීමාවට අනුව මෙය 2.3% ක වර්ධනයකි.
මෙම වර්ධනය සඳහා මෙරට ධීවර කර්මාන්තයේ ප්‍රධාන උප අංශයක් වන කරදිය ධීවර අංශය සියයට 86.2% ක දායකත්වයක් ලබාදී ඇති අතර මිරිදිය හා ජලජීවී වගාව ලබාදී ඇති දායකත්වය 13.8%කි.
