2016 – 2017 ශිෂ්‍ය කණ්ඩායම් දෙකම එකවර විද්‍යා පීඨයට

2016 – 2017 ශිෂ්‍ය කණ්ඩායම් දෙකම එකවර විද්‍යා පීඨයට
Spread the love

පසුගිය 2016 සහ 2017 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය කණ්ඩායම් දෙකම එකවර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඒ අනුව සිසුන් අට දහසක්‌ පමණ ඇතුළත් කර ගැනීමට නියමිතය. සිසුන් ඇතුළත් කර ගැනීමේ ගැසට්‌ නිවේදනය ලබන නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්‍ෂා කෙරේ.

දැනට පවතින ගුරු අවශ්‍යතාව සහ උසස්‌ පෙළ විභාගයෙන් පසු විද්‍යාපීඨවලට ඇතුළත් වීම සඳහා දීර්ඝ කාලයක්‌ ගතවීම යන කරුණු සලකා බලා කණ්‌ඩායම් දෙකම එකවර ගැනීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.

සිසුන් අට දහසකට අධ්‍යයන කටයුතු කිරීම සඳහා විද්‍යාපීඨවල අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට ද අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

අධ්‍යාපන විද්‍යාපීඨ නව කථිකාචාර්ය තනතුරු 314 ක්‌ සඳහා අමාත්‍යාංශ පත්වීම් ලබාදුන් අතර තවත් ඉතිරිව පවතින කථිකාචාර්ය තනතුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමට ද අමාත්‍යාංශය සැලසුම් කර ඇත.