2018 මුල් මාස හතර ඇතුලත ඩෙංගු රෝගීන් 17028 ක් වාර්තා වෙලා

2018 මුල් මාස හතර ඇතුලත ඩෙංගු රෝගීන් 17028 ක් වාර්තා වෙලා
Spread the love
2018 අප්‍රේල් මාසය වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 17028 ක්  වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇති අතර ඒ ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 7178ක්,පෙබරවාරි මාසයේ ඩෙංගු රෝගීන් 4395ක් මාර්තු මාසයේ ඩෙංගු රෝගීන් 3303 ක් අප්‍රේල් මාසයේ ඩෙංගු රෝගීන් 2152ක් ද වශයෙනි.
ඒ අනුව 2018 වසරේ ජනවාරි සංඛ්‍යවට වඩා අප්‍රේල් මාසය වනවිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩු වීමක් පෙන්නුම් කරන බව සඳහන් වන අතර මෙම කලසීමාව තුළ කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාශය තුළ ජනවාරි,පෙබරවාරි, මාර්තු,අප්‍රේල්, මාසවල පිළිවෙළින් 1177,622,475,349 ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල ජනවරි මස රෝගීන් 824 පෙබරවාරි මස රෝගීන් 469ක් මාර්තු මස රෝගීන් 371ක් අප්‍රේල් මස රෝගීන් 232ක් වාර්තා වී ඇත.
ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 30.9%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව හා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම උණ වැලඳුනු විට ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මහජනයා දැනුවත් වීමේ අවශ්‍යතාවය මෙ මගින් පෙන්නුම් කෙරෙන බව ඩෙංගු රෝග විද්‍යා ඒකකය පවසයි. 
එමෙන්ම දින තුනකට වඩා උණ රෝගය පවතීනම් ප්‍රතිකාර ලබා ගැනීම හා අවශ්‍ය සායනික පරීක්ෂණ සිදුකරගැනීම වැදගත් බවද එම ඒකකය වැඩිදුරටත් පවසයි.