2018 රාජ්‍ය වෙසක් සතිය අදින් ඇරඹෙයි

2018 රාජ්‍ය වෙසක් සතිය අදින් ඇරඹෙයි
Spread the love

ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය 2018 අප්‍රේල් 26 වැනි දා සිට මැයි 02 වැනි දා දක්වා “වෙසක් සතිය” ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව වෙසක් සතිය අද (26) සිට ආරම්භ වේ.

“චිත්තං දන්තං සුඛාවහං” (දැමුණු සිත සුව ගෙන දේ) මෙවර වෙසක් තේමාවවන අතර, සංවර්ධනයේ තිරසර අරමුණු සාක්ෂාත් කරනු වස් ගමේ පන්සල ආධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් ප්‍රඥාවන්ත බොදුනුවන්ගෙන් යුතු බෝසත් සමාජයක්, එහි අරමුණ වේ.

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා ප්‍රත්‍යවේක්ෂා ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් 150 ක් ද, ජංගම සේවා වැඩසටහන් 06 ක් ද,දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන් 16 ක් ද, සෞඛ්‍ය හා බුදු දහම වැඩසටහන් 61 ක් ද, ළමා භාවනා වැඩසටහන් 30 ක් ද වෘත්තිකයක් හා බුදු දහම වැඩසටහන් 18 ක් ද සාමණේර ස්වාමින් වහන්සේ පුහුණු කිරීමේ වැඩසටහන් 20 ක් ද, මා පිය දූ දරු සෙනෙහස මුල්කරගත් වැඩසටහන් 37 ක්ද සංවිධානය කර ක්‍රියාත්මක කෙරේ.