ඩී.අයි.ජී. නාලක සිල්වා ත්‍රස්ත විමර්ශනයෙන් ඉවතට

ඩී.අයි.ජී. නාලක සිල්වා ත්‍රස්ත විමර්ශනයෙන් ඉවතට
Spread the love

දූෂණ විරෝධී බළකායේ චෝදනාවකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි තොරතුරු තාක්ෂණ කොට්ඨාසය වෙත මාරු කර ඇති බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

‍පොලිස්පතිවරයාගේ නියෝග මත ‍පොලිස් කොමිසමේ අනුමැතියට  යටත්ව මෙම ස්ථාන මාරුව ලබා දී තිබේ.

මෙම නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර වහාම  එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ඉකුත් දා (14) නියෝග කෙරුණි.

එමෙන්ම  එහිදී ප්‍රකාශ කිරීමට මග හැණු යමක් ඇත්නම් හා  ඔහුගේ ජංගම දුරකථනය භාරදීමට  ඊයේ (17) දිනඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

ඒ අනුව ඊයේ දින පැමිණ අදාළ තොරතුරු ඇතුළත් ජංගම දුරකථනය ‍පොලීසිය වෙත බාර දෙනු ලැබිය.