ඉන්ධන මිල සූත‍්‍රය අද කැබිනට් මණ්ඩලයට

ඉන්ධන මිල සූත‍්‍රය අද කැබිනට් මණ්ඩලයට
Spread the love

ඉන්ධන වලට සැකසූ මිල සූත‍්‍රය බොහෝ දුරට අද (24) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ. බොහෝ දුරට ඉන්ධන මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා එහි ඇතුළත් වනු ඇති බවටයි පැවසෙන අතර දැනට වාර්තාවන පරිදි පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 12ත් 15ත් අතර අගයකින් ද , ඩීසල් ලීටරයක මිල රුග. 10 කින්වැද ඩිවෙනු ඇතැයි පැවසේ.

මෙම මිල සූත‍්‍රයඉන්ධන වලට සැකසූ මිල සූත‍්‍රය බොහෝ දුරට අද (24) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වනවා. බොහෝ දුරට ඉන්ධන මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා එහි ඇතුළත් වනු ඇති බවටයි පැවසෙන්නේ. දැනට වාර්තාවන පරිදි පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 12ත් 15ත් අතර අගයකින් ඉහළ යනු ඇති. ඩීසල් ලීටරයක මිල වැඩිවෙනු ඇතැයි පැවසෙන්නේ රුපියල් 10කින්.

මෙම මිල සූත‍්‍රයඅදියර 03කින් සකස් කර ඇති අතර එහි නිර්දේශවලට අනුව ඉන්ධන මිල වැඩිවන්නේ මැයි මස 07වනදායින් පසුව හා මිල සූත‍්‍රය හඳුන්වාදුන් දිනයේ සිට එහි මිල ගණන් ඉහළ යන පරිදි පළමු අදියර යටතේ යෝජනා කර ඇත. කොටස් වශයෙන් මිල ඉහළ නැංවීමට දෙවන අදියරෙන් යෝජනා කර ඇති බව වැඩිදුරටත් සඳහන්න් වේ.


එක් ඉන්ධන වර්ගයක මිල වැඩි වශයෙන් ඉහළ යන්නේ නම් සෙසු ඉන්ධන වල මිල ඉහළ නැංවීම අඩු අගයක පවත්වා ගැනීමට තුන්වන අදියර යටතේ යෝජනා කර ඇති අතර ඉදිරියේදී කී‍්‍රයාත්මක කරන්නේ කුමන් අදියර දැයි මේවනතෙක් නිල තීන්දුවක් ගෙන නොමැත. එහෙත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙවන අදියරේ යෝජනාව කි‍්‍රයාත්මක වනු ඇති බව හා ඒ අනුව මිල වැඩිවීමක් සිදුවුවහොත් එය සිදුවන්නේ කොටස් වශයෙන් බවත්ය.

භූමිතෙල් සම්බන්ධයෙන්ද ඉකුත් සමයේ ගැටලූකාරී තත්ත්වයක් මතුවූ අතර ඊට පිළියමක් ලෙස භූමිතෙල් මිලදී ගන්නා පුද්ගලයින්ට වවුචර් පතක් හඳුන්වා දීමට යෝජනා වී ඇත. කෙසේ වෙතත් නව සංශෝධනය යටතේ භූමිතෙල් මිලද ඉහළ යනු ඇති බව සඳහන් වෙි.

ඉන්දියන් ඔයිල් සමාගම ඉකුත්දා සිය මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කල බැවින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ තමන් මේවනවිට පාඩු ලබමින් සිටින බවයි